Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Laern Java 4 0

Vdasun | 8:17 PM |

User input-Command Line Arguments



අපි බලමු java වල කොහොමද User input එකක් ගන්නේ කියලා.java වල user input එකක් ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා.

අපි මුලින්ම බලමු user input එකක් ගන්න java වල තියෙන basic ක්‍රමය මොකක්ද කියලා.

මේ ක්‍රමයට කියන්නේ  Command Line Arguments ගන්නවා කියලා. ඒ කියන්නේ අපි program එක cmd එකෙන් run කරද්දී inputs දෙන්න ඕනි.
අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.



අපි java program එකක් ලියද්දී  public static void main(String args[]) කියලා යොදාගන්නවා.ඔතන "args[]" කියන්නේ Array එකක්.
String කියන්නේ args[] කියන Array එකේ data type එක.Command Line Arguments පාවිච්චි කරලා ඔය Array එකට values pass කරගන්න අපිට පුලුව.
මේ program එකේදී අපි කරන්නේ ඒකයි.

අපි මේකේදී args කියන array එකේ zero position එකට අපේ input එක pass කරවගන්නවා.ඊලගට ඒක display කරවාගන්නවා.

public class test5{
public static void main(String args[]){

 String name;

 name=args[0];


 System.out.println("Your name is "+name);
 }
}

මේ program එක test5.java විදියට desktop එකේ save කරගන්න.
ඊට පස්සේ command prompt එක අරන් මේ විදියට type කරන්න .

 cd desktop               enter කරන්න
 javac test5.java         enter කරන්න
 java test5 Nishantha     enter කරන්න

මේ  program එක run කරද්දීම තමයි අපි inputs දෙන්න ඕනි.
මතක ඇතුව java test5 කියලා type කරලා space එකක් තියලා ඔයාලාගේ input එක දෙන්න.එහම නැතිව run කලොත් errors පෙන්නයි.
 
 javac test5.java          මේකෙන් කරන්නේ program එක compile කරන එක.
 java test5 Nishantha      මෙතනදී ඔයාලට දෙන්න ඕනි input එකත් type කරන්න ඕනි.

___________________________________________________________________________________
දැන් අපි මේ වැඩසටහනම තවටිකක් advanced කරමු.

public class test6{
public static void main(String args[]){

 String firstname,lastname;

 firstname=args[0];
 lastname=args[1];


 System.out.println("Your name is "+firstname +lastname);
 }
}

මේකේදි අපි args[] කියන array එකේ zero,first කියන positions වලට ඔයාලාගේ inputs pass කරනවා.
මේ විදියට.
  firstname=args[0];
  lastname=args[1];

මේක run කරන්නේ මෙහෙමයි.

මේ program එක test6.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

 cd desktop                          enter කරන්න
 javac test6.java                    enter කරන්න
 java test6 Nishantha Hewawissa      enter කරන්න

මේ  program එක run කරද්දීම තමයි අපි inputs දෙන්න ඕනි.
මතක ඇතුව java test6 කියලා type කරලා space එකක් තියලා ඔයාලාගේ first name එක දෙන්න.ඊලගට තවත් space එකක් තියලා ඔයාලාගේ last name එක දෙන්න.එහම නැතිව run කලොත් errors පෙන්නයි.

මේ තමයි java වල user input ගන්න තියෙන basic විදිය.මේ ඇරෙන්න තවත් ක්‍රම ගොඩක් තියෙනවා.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...