Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

දහමින් බිදක්. 0

Vdasun | 5:13 AM |

පෝය දවසේ ඔයාලටත් මටත් වැදගත් වෙන දහම් කරුනු ටිකක් තමයි කියන්න යන්නේ.
*"සීලය" කියන්නේ අපි හැමෝම දන්න දෙයක්.බුදුදහමේ හැටියට අපි හැමෝම සිල්වත් වෙන්න ඕනි.
සීලයේ ප්‍රධානම අංග තුන තමයි සිත කය වචනය සංවර කර ගැනීම.මිනිසා ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ
සිතේ ඇතිවන සිතිවිලි වලට අනුවයි.කෙනෙක්ගේ සිතේ ඇතිවෙන්නේ අයහපත් සිතිවිලි නම් ඒ පුද්ගලයා කරන්නේ අයහපත් වැඩ.කෙනෙක්ගේ සිතේ ඇතිවෙන්නේ යහපත් සිතිවිලි නම් ඒ පුද්ගලයා කරන්නේ යහපත් වැඩ.අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි සැපවත් ජීවිත ගත කිරීම.වර්තමාන සමාජයම නිර්මානය වෙලා තියෙන්නේ ඒක ඉටුකිරීමටයි.අපි ඉගෙන ගන්නෙත්,රැකියාවක් කරන්නෙත් ඒ සදහායි.සැපවත් ජීවිත ගතකරනවා කියන්නේ මිනිසා තවතවත් ආශාවන් ඇතිකරගන්නවා කියන එක.මිනිසා තුලින් තෘශ්ණාව දුරුකිරීම වෙනුවට තව තවත් වැඩි කිරීම.තෘශ්නාව හේතුවෙන් මිනිසාගේ සසර තවතවත් දිගු වෙනවා.

*කය සංවර කරගැනීමත් වැදගත්.මන්ද යත් අපි යහපත් හෝ අයහපත් හෝ ක්‍රියා කරනුයේ කයින් වන නිසා.මිනිසාගේ කය මෙහෙයවන්නේ සිතයි.ඒ අනුව සිත සංවර
කරගත්තොත් කයත් සංවර කරගැනීමට පුලුවන්.කය සංවර කරගන්නවා කියන්නේ අපි තුල අයහපත් සිතුවිලි ඇති උවත් එමගින් අකුසල් සිදුවීමට ඇති ඉඩකඩ අඩු වීමයි.

*"හොදට නරකට දෙකට කටමය".වචනයත් සංවර කරගතයුතුය. අද අපි බොහෝදෙනා වැඩි හරියක් කතා කරන්නේ තමන්ටත් අනුන්ටත් වැඩකට නැති වල්පල්.නිශ්ප්‍රයෝජන
වචන දාහකට වඩා ප්‍රයෝජනවත් එක වචනය වැදගත්.අසංවර වචනය නිසා අද සමාජයේ බොහෝ ගැටලු.අමනාපකම්,සතුරු කරදර,සිත් රිදවීම් මේ සියල්ලකටම
හේතුවන  අසංවර වචනය.වචනය සංවරකර ගැනීමෙන් වචනය තුලින් සිදුවිය හැකි අයහපත් දේ වලකිනවා.

*හැම වේලේම අපි තුල පවට ලැජ්ජාවක් හා භයක් තිබිය යුතුයි."අපායේ යනවා" යන්නෙන් උවත් සිදුකෙරෙනුයේ  පවට භය ඇතිකිරීමයි.මෙමගින් පව්කිරීමට පුද්ගලයා පෙලඹීම අඩු වෙනවා.පව් කිරීමට ලැජ්ජාවක් තිබීම වැදගත්.අපි පවට බියවනුයේ ඒ නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිපල නිසා.නමුත් පවට ලැජ්ජාවක් තිබීමෙන් සිදුවන්නේ පුද්ගලයා සිතින් වත් පව් කිරීමට පෙලඹෙන්නේ නැහැ.

*තවත් වැදගත් දෙයක් තමයි"අත්හැරීම". අද වෙන්නේ මේකේ අනිත් පැත්ත.අත්හැරීම වෙනුවට වැලද ගැනීම. මුලු සමාජයම හැඩ ගැසී තිබෙන්නේ ඒ සදහා.අපි මහන්සි වෙලා ඉගෙන ගන්නේ,හොද රැකියාවක් කරන්නේ ඒ සදහා.සමාජය විසින් මේ මේ යැයි නොයෙක් දේ පෙන්වන්නේ ඒවා වැලද ගැනීමට අපට සිදුකරවමිනී.හොද නිවසක්,කාර් එකක්,වෙනත් භාණ්ඩ,සමාජ සම්බන්දතා, අඹු සැමි දූ දරු සම්බන්දතා,මේ සියල්ල ලබාගැනීම තුලින් සතුටක්.සැපයක් ඇතිවෙනවා කියලා අපි රැවටිලා ඉන්නේ.මේ සියල්ලේම අවසානය දුකක්.
"ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්"කියලා බුදුදහමේ කියලා තියෙන්නේ ඒකයි.නිවැරදි සතුටක් ලබාගත හැක්කේ අත්හැරීම තුලින් පමනී.මන්දයත් අත්හැරිමට පුරුදුවීම තුලින් වෙන්වීමේ ඇති
වේදනාව වලක්වන හයිනී.තවද වැලදගැනීම තුලින් ඇතිවන තෘශ්ණාව අත්හැරීම තුලින් නැතිකරවනවා.තෘශ්ණාව නැතිවෙනවා කියන්නේ සසර කෙටිවෙනවා කියන එකයි.

*ආගම දහම පිලිඹද දැනුමක් අප තුල තිබිය යුතුයි.එමෙන්ම අනෙක් දෑ පිලිබදවත් මනා අවබෝදයක් තිබිය යුතුයි.වැදගත් කාරනය වනුයේ බුද්දිය ඇතිකරගත යුත්තේ සීලයට පසුවයි.
බුද්දිමත් වීම පමනක් උවහොත් මිනිසා අයහපත් ක්‍රියා සදහා තම බුද්දිය යොදාගත හැකියි.එය වැලැක්වීමට නම් බුද්දියට පෙර සිල්වත් කම තිබිය යුතුයි.එවිට මිනිසා තම බුද්දිය සීලය තුලින් මෙහෙයවනු ඇත.

*වැදගත්ම දෙය නම් අනිත්‍ය වටහා ගැනීමයි.මම මගේ කියලා කිසිම දෙයක් නෑ.මම මගේ කියලා දෙයක් තියෙනවානම් ලෝකයේ කිසිවක් වෙනස් නොවිය යුතුයි.නමුත් ලෝකයේ
තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා.මිනිස්සු,සම්බන්දතා,යාන වාහන,දෙමව්පියෝ,අඹු සැමි සම්භන්දතා,දූ දරු සම්බන්දතා මෙකී නොකී සියල්ලක්ම වෙනස් වෙනවා.
මිනිසුන් වශයෙන් අපිත් වෙනස් වෙනවා.උපන්දා සිට වෙහෙස වී ඉගෙන ගනිමින් දනය රැස්කරමින් සමාජ සම්බන්දතා ඇතිකරගනිමින්,දූදරුවන් අඹුසැමි සම්භන්දතා ඇතිකරගනිමින්,
යාන වාහන ගේ දොර ඉඩ කඩම් මේ කොච්චර දේ ඇතිකර ගත්තත් ඒ වෙනුවෙන් ජීවිත කාලය පුරාම කොච්චර මහන්සි උනත් අපිට මැරෙන්න වෙන්නේ ඒ මොකුත් නැතිව.අන්තිමේදී
අපිට ඉතුරු වන්නේ පව් පින් විතරයි.මේ මිනිස් ශරීරයත් වෙනස් වෙනවා.රූපලාවන්‍ය ආදී විවිද ක්‍රම මගින් මේ ශරීරය කොපමන සුන්දර කිරීමට උත්සාහ කලත් කල් යත්ම මේ ශරීරය
වෙනස් වෙනවා.මිනිහෙක් ඉපදෙන අවස්තාව හා මියයන අවස්තාවේ ශරීරය සහමුලින්ම වෙනස්.මොනදේ කරලා උනත් මේ ශරීරය පවත්වා ගැනීමට උත්සාහ කලත් මියයාමෙන් පසු මේ
ශරීරයෙන් කිසිදු ප්‍රයෝජනයක් නෑ.ගහක අත්තක් උනත් දිරායාමෙන් පසු දැව සදහා ගන්න පුලුවන්.අඩුම තරමේ  පුටුවක කකුලකට උනත් ගන්න පුලුවනනේත් මේ ශරීරයෙන් එහෙමවත්
ප්‍රයෝජනයක් නෑ.ඒ අනිත්ය පිලිබද වටහාගෙන බුද්දිමත්ව කටයුතු කිරීම තුලින් යහපත් සාර්තක ජීවිතයක් ගතකිරීමට පුලුවන්.
--------------------------------------------------------------------------------------------
*වැදගත්-මේ දේ මම කියන්නේ මගේ අත්දැකීමෙන්.ඒ දේවල් හරි හැටි වටහා ගත්ත හින්දා මට ජීවිතේ වැරදෙන්න ගිය තැනකින් බේරුනා.
කවදාවත් දෙමව්පියන්ගේ කීමකට පිටින් යන්න එපා.අනිවාර්යෙන්ම ජීවිතේ වරදිනවා.කවදාවත් තමන්ට උගන්වන ගුරුවරයෙක් ට බණින්න එපා.අනිවාර්යෙන්ම තමන්ගේ ඉගෙනීම
බිදවැටෙනවා.කවදාවත් ඉගෙනෙ ගන්න බැරි කෙනෙක්ට ඇණුම්පද කියන්න එපා.අනිවාර්යෙන්ම තමන්ගේ ඉගෙනීම බිදවැටෙනවා.කවදාවත් බුදුදහමට,හාමුදුරුවරුන්ට බණින්න එපා.
අනිවාර්යෙන්ම පලදෙනවා.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...