Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE
V D A S U N

Learn C++_ 5 කොටස 0

Vdasun | 7:28 AM |

C++ වල  Data types යෙදීම.

අද අපි බලමු "string" හා "char" කියන data types යොදන්නේ කොහොමද කියලා.

අපි මුලින්ම බලමු "string" කියන data type එක යොදන්නේ කොහොමද කියලා.අපි මේ data type එක භාවිතා කරන්නේ අකුරු කිහිපයක් variable එකකට save කරගන්න.

මේ code එක ඔය විදියටම type කරගන්න.අපි මේකේදී කරන්නේ user ට input කරන්න කියනවා එයාගේ නම.ඊලගට program එකෙන් user input කරපු නම display කරනවා.

#include<iostream>
#include<string>
int main()
{
    string n;

    cout<<"Enter your name:"<<endl;
    cin>>n;

    cout<<"Your name is "<<n<<endl;

}

දැන් අපි බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.අපි මේකේදී මුලින්ම library file ඇතුලත් කරගෙන තියෙනවා.<iostream> කියන library එකට අමතරව <string> කියන library එකත් ඇතුලත් කරගෙන තියෙනවා.මොකද කියනවනම්  අපි මේකේදී "string" කියන data type එක භාවිතා කරනවා.<string> කියන library එක ඇතුලත් කරන්නේ නැතුව "string" කියන data type එක භාවිතා කරන්න බෑ."string" කියන data type එක භාවිතා කරන්න ඕනි නම් <string> කියන library එක ඇතුලත් කරගන්නම ඕනි.

අපි අරන් තියෙනවා n කියලා variable එකක්.ඒකේ data type එක විදියට string දාලා තියෙනවා.ඊලගට අපි user ට input කරන්න කියනවා එයාගේ නම.ඒ නම n කියන variable එකට save කරගන්නවා.නමකට අනිවාර්යෙන්ම එක අකුරකට වඩා තියෙනවා නේ.ඒ නිසා n වල data type එක string විදියට දාලා තියෙනවා.
අන්තිමේදී n වලට save කරගත්තු name එක පෙන්නනවා.

අපි user ට කියන්න ඕනි එයාගේ නම enter කරන්න කියලා.ඒකට අපි මෙහෙම cout එකක් දානවා.

         cout<<"Enter your name "<<endl;

ඊලගට user input කරන name එක n කියන variable එකට save කරගන්නවා.ඒක වෙන්නේ මේ විදියට.

         cin>>n;
         ඔය cin කියන එකෙන් කරන්නේ save කරන්න කියන command එක ලබාදෙන එක.
         ">>" මේ operator වලට ඉස්සරහින් n දාලා තියෙන එකෙන් වෙන්නේ n කියන එකට save කරගන්න
         කියන එක.
       
අන්තිමේදී user input කරපු නම පෙන්නනවා මෙහෙම.
        
         cout<<"Your name is "<<n<<endl;

         Your name is කියන එක මුලින්ම display වෙනවා.ඊලගට n කියන එකට save කරගත්තු දේ
         පෙන්නනවා.මතක ඇතුව n කියන එක දාන්න ඕනි කොමා(" ") නැතුව.මොකද කියනවනම් අපිට
         පෙන්නන්න ඕනි n කියන අකුර නෙවෙයි. n කියන එකට save කරගත්ත දේ.
         අපි n කොමා ("  ") ඇතුලේ දැම්මොත් n කියන අකුර display වෙයි.

code එක read කරන්නේ උඩ ඉදන් පහලට. අපි මුලින්ම library ඇතුලත් කරගෙන තියෙනවා.<string> කියන library එකත්  ඇතුලත් කරගෙන තියෙන නිසා string කියන data type එකත් භාවිතා කරන්න පුලුවනී. ඊලගට n කියලා variable එකක් අරන් තියෙනවා.n වල data type එක string නිසා එක අකුරකට වඩා n වලට save කරගන්න පුලුවන් කියලා දැනගන්නවා.ඊලගට user input කරනවා එයාගේ නම.ඒ නම n වලට save කරගන්නවා.අන්තිමේදී n වලට save කරගත්තු දේ පෙන්නනවා.

---------------------------------------------------------------------------------------------------------------------------------------

ඊලගට අපි බලමු "char" කියන data type එක යොදන්නේ කොහොමද කියලා.අපි මේ data type එක භාවිතා කරන්නේ එක අකුරක් විතරක් variable එකකට save කරගන්න. අපිට මේකේදීත් කලින් කරපු වැඩසටහනම යොදාගන්න පුලුවන්.මේ code එක ඔය විදියටම type කරගන්න.මතක ඇතුව n වල data type එක "char" විදියට මාරු කරන්න.


#include<iostream>
int main()
{
    char n;

    cout<<"Enter your name:"<<endl;
    cin>>n;

    cout<<"Your name is "<<n<<endl;

}

දැන් අපි බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.අපි මේකේදී මුලින්ම library file ඇතුලත් කරගෙන තියෙනවා. <iostream> කියන library එකට අමතරව වෙනත් library ඇතුලත් කරගන්න ඕනි නෑ.මොකද කියනවනම්  "char" කියන data type එක භාවිතා කරන්න string වලට වගේ library  ඇතුලත් කරන්න ඕනි නෑ.


අපි අරන් තියෙනවා n කියලා variable එකක්.ඒකේ data type එක විදියට char දාලා තියෙනවා.ඒ නිසා n වලට save කරගන්න පුලුවන් වෙන්නේ එක අකුරක් විතරයි. ඊලගට අපි user ට input කරන්න කියනවා එයාගේ නම.ඒ නම n කියන variable එකට save කරගන්නවා.නමකට අනිවාර්යෙන්ම එක අකුරකට වඩා තියෙනවා නේ.ඒත්  n වල data type එක  විදියට  char දාලා තියෙනවා.ඒ නිසා n වලට save වෙන්නේ user input කරන නමේ  මුල්ම අකුර විතරයි.අන්තිමේදී n වලට save කරගත්තු ඒ අකුර පෙන්නනවා.

අපි user ට කියන්න ඕනි එයාගේ නම enter කරන්න කියලා.ඒකට අපි මෙහෙම cout එකක් දානවා.

         cout<<"Enter your name "<<endl;

ඊලගට user input කරන name එක n කියන variable එකට save කරගන්නවා.ඒක වෙන්නේ මේ විදියට.

         cin>>n;
         ඔය cin කියන එකෙන් කරන්නේ save කරන්න කියන command එක ලබාදෙන එක.
         ">>" මේ operator වලට ඉස්සරහින් n දාලා තියෙන එකෙන් වෙන්නේ n කියන එකට save කරගන්න
         කියන එක.

අන්තිමේදී user input කරපු නම පෙන්නනවා මෙහෙම.
        
         cout<<"Your name is "<<n<<endl;

         Your name is කියන එක මුලින්ම display වෙනවා.ඊලගට n කියන එකට save කරගත්තු දේ
         පෙන්නනවා.මතක ඇතුව n කියන එක දාන්න ඕනි කොමා("  ") නැතුව.මොකද කියනවනම් අපිට
         පෙන්නන්න ඕනි n කියන අකුර නෙවෙයි.n කියන එකට save කරගත්ත දේ.අපි n කොමා (" ") ඇතුලේ
         දැම්මොත් n කියන අකුර display වෙයි.

code එක read කරන්නේ උඩ ඉදන් පහලට. අපි මුලින්ම library ඇතුලත් කරගෙන තියෙනවා. ඊලගට n කියලා variable එකක් අරන් තියෙනවා.n වල data type එක char නිසා එක අකුරකට වඩා n වලට save කරගන්න බෑ කියලා දැනගන්නවා.ඊලගට user input කරනවා එයාගේ නම.ඒ නමේ මුල් අකුර විතරක් n වලට save කරගන්නවා.අන්තිමේදී n වලට save කරගත්තු දේ පෙන්නනවා.


අපි තවත් code එකක් run කරලා බලමු.මේකත් මේ විදියටම ටයිප් කරගන්න.


#include<iostream>
int main()
{
    char x='A';
   
    cout<<"x is equal to "<<x<<endl;
}

අපි බලමු code එක කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා.මේකේදී x කියලා variable එකක් අරන් තියෙනවා.x වල data type එක විදියට char යොදලා තියෙනවා.
ඒ කියන්නේ x වලට save කරගන්න පුලුවන් එක අකුරක් විතරයි.ඊලගට ‍x සමාන කරලා තියෙනවා A කියන අකුරට.A කියන්නේ එක අකුරක්. ඒ නිසා A කියන එක x වලට save කරගන්න පුලුවන්.

C++ වලදී එක අකුරක් යොදාගන්නවානම් අනිවාර්යෙන්ම කොමා ('  ') ඇතුලේ තමයි දාන්න ඕනි.

                         නිදසුන් - 'a';
                                        'b';
                                        'c';
අන්තිමේදී ‍x වලට save කරගත්තු අකුර (A) පෙන්නනවා.

Learn C++_ 4කොටස 0

Vdasun | 10:06 AM |

C++ වල Data Types යෙදීම.

C++ වල Data Types යොදන්නේ කොහොමද කියලා අවබෝද කරගන්න අපි වැඩසටහන් කිහිපයක් ලියලා බලමු.


මුලින්ම අපි බලමු "int" data type එක යොදන්නේ කොහොමද කියලා.මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    int x=5;
    int y=5;

    cout<<"Answer is "<<x+y<<endl;
}

 දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x කියලා variable එකක් තියෙනවා.x සමාන කරලා තියෙනවා 5 ට.5 කියන්නේ පූර්ණ සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍x කියන්නෙත් පූර්ණ සංඛ්‍යයාවක්.පූර්ණ සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක
"int" ය.ඒ අනුව ‍x හි data type එක int ලෙස යොදලා තියෙනවා.

මේකේ y කියලා variable එකක් තියෙනවා.y සමාන කරලා තියෙනවා 5 ට.5 කියන්නේ පූර්ණ සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍y කියන්නෙත් පූර්ණසංඛ්‍යයාවක්.පූර්ණ සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක
"int" ය.ඒ අනුව ‍y හි data type එක int ලෙස යොදලා තියෙනවා.

අන්තිමේදී පිළිතුර පෙන්නන්නේ මෙහෙමයි.
 x වල අගය 5 යි.y වල අගය 5 යි.‍‍‍x+y කියන්නේ 10 යි.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

---------------------------------------------------------------------------------------------------------------

ඊලගට අපි බලමු "double,float" data type එක යොදන්නේ කොහොමද කියලා.
මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ දශම සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    double x=5.5;
    double y=5.5;

    cout<<"Answer is "<<x+y<<endl;
}

දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x කියලා variable එකක් තියෙනවා.x සමාන කරලා තියෙනවා 5.5ට.  5.5 කියන්නේ දශම සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍x කියන්නෙත් දශම සංඛ්‍යයාවක්.දශම සංඛ්‍යයාවක් සදහා "double" හෝ "float"යන data type වලින් ඕනෑම එකක් යෙදිය හැකිය.නමුත් "double" යන්නෙහි දත්ත පරාසය "float" යන්නට වඩා වැඩිය.ඒ අනුව ‍x හි data type එක double ලෙස යොදා ඇත.

මේකේ y කියලා variable එකක් තියෙනවා.y සමාන කරලා තියෙනවා 5.5ට. 5.5 කියන්නේ දශම සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍y කියන්නෙත් දශම සංඛ්‍යයාවක්.දශම සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක double හෝ float ය.ඒ අනුව ‍y හි data type එක double ලෙස යොදා ඇත.

අන්තිමේදී පිළිතුර පෙන්නන්නේ මෙහෙමයි.
 x වල අගය 5.5 යි.y වල අගය 5.5 යි.‍‍‍x+y කියන්නේ 11 යි.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

කෝකටත් තයිලය වගේ සංඛ්‍යයා යොදා ගැනීමේදී data type එක විදියට "double" යොදා ගැනීම සුදුසුයි.
මොකද කියනවනම් මේ data type එකෙන් පූර්ණ සංඛ්‍යයා මෙන්ම දශම සංඛ්‍යයා යොදාගනිමින් ගණිතකර්ම සිදුකිරීමට පුලුවන්.
-------------------------------------------------------------------------------------------

දැන් අපි  කලින් කරපු  code දෙකම ටිකක් වෙනස් විදියට කරමු.මේකේදී අපි ‍x හා y සදහා ඕනෑම අගයක් ආදේශ කිරීමේ අවස්තාව user ට ලබාදෙනවා.ඒ කියන්නේ user input එකක් ගන්නවා කියන එක.

මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ user input කරන සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    double x,y;

    cout<<"Enter first value (x): "<<endl;
    cin>>x;
    cout<<"Enter second value (y): "<<endl;
    cin>>y;


    cout<<"Answer is "<<x+y<<endl;
}

දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x හා yකියලා variable දෙකක් තියෙනවා.අපි user ට input කරන්න කියන්නේ සංඛ්‍යයා දෙකක් නේ.
ඒ  සංඛ්‍යයා දෙක දශම සංඛ්‍යයා හෝ පූර්ණ සංඛ්‍යයා වෙන්නට පුලුවන්.අනුව x හා y කියන්නේ  දශම  හෝ පූර්ණ සංඛ්‍යයා දෙකක්.ඒ නිසා කෝකටත් තයිලය කියලා x හා y වල data type එක double විදියට දාලා තියෙනවා.double වෙනුවට float වුවද භාවිතා කරන්න පුලුවන්.

අපි ඉස්සර වෙලාම user ට කියන්න ඕනි අගයක් ඇතුලත් කරන්න කියලා.

    cout<<"Enter first value (x): "<<endl;
    cin>>x;

අපි ඒකට cout එකක් දාලා කියනවා අගයක් ඇතුලත් කරන්න කියලා.user input කරන ඒ අගය අපි
‍x කියන variable එකට save කරගන්නවා.ඒක කරන්නේ

    cin>>x; කියන එකෙන්.මේකේ "cin" කියන එකෙන් කෙරෙන්නේ save කරගන්න කියන එක.
    ">>‍"මේ operator එකට ඉස්සරහින් x දාලාතියෙන එකෙන් වෙන්නේ  x කියන එකට save
    කරගන්න කියන එක.

අපි ඊලගට user ට කියන්න ඕනි අනෙක් අගය ඇතුලත් කරන්න කියලා.

    cout<<"Enter second value (y): "<<endl;
    cin>>y;

අපි ඒකට cout එකක් දාලා කියනවා අගයක් ඇතුලත් කරන්න කියලා.user input කරන ඒ අගය අපි
‍y කියන variable එකට save කරගන්නවා.ඒක කරන්නේ

    cin>>y; කියන එකෙන්.මේකේ "cin" කියන එකෙන් කෙරෙන්නේ save කරගන්න කියන එක.
    ">>‍"මේ operator එකට ඉස්සරහින් y දාලාතියෙන එකෙන් වෙන්නේ  y කියන එකට save
    කරගන්න කියන එක.

අන්තිමේදී උත්තරේ ලැබෙන්නේ මෙහෙමයි.
x වලට user input කරන පලවෙනි අගය save වෙනවා.y වලට user input කරන දෙවන අගය save වෙනවා.
‍‍‍x+y කියන්නේ ‍x වලට save කරගත්තු අගයෙයියි  y වලට save කරගත්තු අගයෙයියි එකතුව.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

user දශම සංඛ්‍යයාවක් ඇතුලත් කලත් පූර්ණ සංඛ්‍යයාවක් ඇතුලත් කලත් ගින්නක් නැතුව උත්තරේ ගන්න පුලුවන්.මොකද data type එක විදියට දාලා තියෙන්නේ "double"නිසා.

Learn C++_ 3 කොටස 0

Vdasun | 9:09 AM |

Data types of C++

Create variable
    variable එකක් සෑදීම යනු මතකයේ ඉඩක් වෙන් කිරීමයි.

    int x=5;
    මෙහිදී x යනු පූර්ණ සංඛ්‍යයාවකී.ඒ අනුව x හි data type එක int විය යුතුය.x යනු variable name එකයි.
    x සදහා අගයක් ආදේශ කර ඇත.

declare variable
    variable එකක්  declare කිරීම යනු data type එක යොදා variable name එක යෙදීමයි.
    නිදසුන්- int x;

initialize variable

    int x=5;
    මෙහිදී x සදහා අගයක් ආදේශ කර තිබේ.එනම්  variable එකක් initialize කිරීමකී.


Variable සෑදීම හා Data type යෙදීම පිලිබද තවදුරටත්.

 ‍
char x;
මෙහිදී ‍x යනු එක් අකුරකි.ඒ අනුව ‍x හි data type එක char විය යුතුය.

string x;
මෙහිදී ‍x යනු අකුරු කිහිපයකී(නමක්).ඒ අනුව ‍x හි data type එක string විය යුතුය.


double x;
මෙහිදී ‍x යනු දශමස්තාන සහිත සංඛ්‍ය්යාවකී.ඒ අනුව ‍x හි data type එක double විය යුතුය.
double වෙනුවට  float යන්නද යෙදිය හැක.

float x;
මෙහිදී ‍x යනු දශමස්තාන සහිත සංඛ්‍ය්යාවකී.ඒ අනුව ‍x හි data type එක float විය යුතුය.

C++ වැඩසටහන් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

*Source code එක පටන්ගද්දී මුලින්ම Library file එක ඇතුලත් කිරීම අනිවාර්යයි.
*Open brackets ,Close brackets ඇතුලේ තමයි program එක ලියන්න ඕනි.
*Variable එකක් සෑදීමේදී Variable name එකට key words යොදාගන්න බෑ.
   Key words of C++
   string,float,double,bool,char,cout,cin,endl,include,for,do,while,case,switch,long int,return
*C++ Case sensitive භාශාවකී.එනම් capital,simple වෙන වෙනම හදුනාහගනී.
   eg - int x=5;
          int X= 6;
*Variable name යෙදීමේදී වචන අතර ඉඩ තැබිය නොහැකිය.
*හැම statement එකක් අවසානයේදීම " ; " ලකුණ යෙදිය යුතුය.
 


Related Posts Plugin for WordPress, Blogger...