Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn Java 6 0

Vdasun | 11:10 AM |

Selection and Repetition

අපි බලමු කොහොමද java වල Selection කරන්නේ කියලා.

මේකේදී අපි මුලින්ම බලමු "If Else" එකක් ලියන්නේ කොහොමද කියලා.If Else එකක කොටස් දෙකක් තියෙනවා. ඒ තමඉ if කොටස හා else කොටස.
if else එකකින් කෙරෙන්නේ "මේ දේ වුනොත් මේක කරන්න නැතිනම් මේදේ කරන්න" කියන එක.

මේ තමයි ජාවා වල if else එකක් ලියන විදිය.


   if(condition){

      statement 1;
      statement 2;
      statement 3;

   }
   else{
      statement 1;
      statement 2;
      statement 3;

   }



අපි පොඩි වැඩසටහනක් කරලා බලමු.

class test1{
public static void main(String args[]){

int A=5;
int B=10;

System.out.println("Value of A is:"+a);
System.out.println("Value of B is:"+b);
if(A>B){
System.out.println("A greater than B");
}
else{
System.out.println("B greater than A");
}

}
}


මේ code එක test1.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test1.java                     Enter කරන්න
  java test1                           Enter කරන්න

මේකේදී අපි "A"හා"B" කියලා integer type variables දෙකක් අරන් තියෙනවා.
අපි A කියන variable එකට "5" කියන value එක assign කරලා තියෙනවා.
B කියන variable එකට "10" කියන value එක assign කරලා තියෙනවා.

ඊලගට අපි if else එකක් දාලා තියෙනවා.
if(a>b){
System.out.println("A greater than B");
}
මේ කියන්නේ A කියන එක B කියන එකට වඩා ලොකුයිනම් "A greater than B" කියලා message එකක් display කරන්න කියලා.


else{
System.out.println("B greater than A");
}

මේකේදී වෙන්නේ අරකේ අනිත් පැත්ත. ඒ කියන්නේ  B කියන එක A කියන එකට වඩා ලොකුයිනම් "B greater than A" කියලා message එකක් display කරන්න කියලා.
______________________________________________________________________

අපි තවත් වැඩසටහනක් ලියලා බලමු. මේකේදී අපි user ට කියනවා numbers දෙකක් enter කරන්න කියලා. ඊලගට ඒ දෙකෙන් විශාල number එක තෝරලා කියන එක.

import java.util.Scanner;



class test2{
public static void main(String args[]){

Scanner s=new Scanner(System.in);

int A,B;


System.out.print("Enter value for first number:");
A=s.nextInt();
System.out.print("Enter value for second number:");
B=s.nextInt();
System.out.println("Value of first number is:"+A);
System.out.println("Value of second number is:"+B);

if(A>B){
System.out.println("First number greater than second number");
}
else{
System.out.println("Second number greater than first number");
}

}
}


මේ code එක test2.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test2.java                     Enter කරන්න
  java test2                           Enter කරන්න

අපි බලමු code එක කොහොමද වැඩකරන්නේ කියලා.
අපි මේකේ A B කියලා integer type variable දෙකක් අරන් තියෙනවා.

ඊලගට අපි user ට කියනවා first number එක  enter කරන්න කියලා.
System.out.print("Enter value for first number:");
ඊලගට අපි user   enter කරපු number එක A කියන variable එකට assign කරගන්නවා.
A=s.nextInt();


ඊලගට අපි user ට කියනවා second number එක  enter කරන්න කියලා.
System.out.print("Enter value for second number:");
ඊලගට අපි user   enter කරපු number එක  B කියන variable එකට assign කරගන්නවා.
B=s.nextInt();

ඊලගට අපි if else එකක් දාලා තියෙනවා. ඒකේදී කරන්නේ A හා B වලින් ලොකු number එක තෝරන එකයි.


if(A>B){
System.out.println("First number greater than second number");
}
මේ කියන්නේ first number කියන එක  second number කියන එකට වඩා ලොකුයිනම් "First number greater than second number" කියලා message එකක් display කරන්න කියලා.

else{
System.out.println("Second number greater than first number");
}

මේ කියන්නේ Second number කියන එක  first number කියන එකට වඩා ලොකුයිනම් "Second number greater than first number" කියලා message එකක් display කරන්න කියලා.

____________________________________________________________________________

අපි තවත් වැඩසටහනක් බලමු. අපි මේකේදී  කරන්න යන්නේ marks වලට හරියන්න grade එක හොයන එකයි.


import java.util.Scanner;

class test3{
public static void main(String args[]){

Scanner s=new Scanner(System.in);

double marks;



System.out.print("Enter your marks:");
marks=Double.parseDouble(s.nextLine());



if(marks>75 )
System.out.println("Your grade is A");

else
if(marks>60 )

System.out.println("Your grade is B");

else
if(marks>50 )

System.out.println("Your grade is C");

else
if(marks>30 )

System.out.println("Your grade is S");

else


System.out.println("Your grade is F");

}
}


මේ code එක test3.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test3.java                     Enter කරන්න
  java test3                           Enter කරන්න

අපි බලමු code එක කොහොමද වැඩකරන්නේ කියලා.
අපි මේකේ marks කියලා double type variable එකක් අරන් තියෙනවා.

ඊලගට අපි user ට කියනවා marks enter කරන්න කියලා.
System.out.print("Enter your marks:");
ඊලගට අපි user   enter කරපු marks , marks කියන variable එකට assign කරගන්නවා.
marks=Double.parseDouble(s.nextLine()); අපි මෙතනදී user enter කරන marks double විදියට convert කරගෙන තියෙනවා. ඒක කරන්නේ
Double.parseDouble කියන එකෙන්.

ඊලගට අපි grade පහකට හරියන්න if else පහක් දාලා තියෙනවා.

if(marks>75 )
System.out.println("Your grade is A");
මේකේදී කියන්නේ marks වල අගය 75 ට වඩා වැඩිනම් "Your grade is A" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>60 )
System.out.println("Your grade is B");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 60 ට වඩා වැඩිනම් "Your grade is B" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>50 )
System.out.println("Your grade is C");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 50 ට වඩා වැඩිනම් "Your grade is C" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>30 )
System.out.println("Your grade is S");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 30 ට වඩා වැඩිනම් "Your grade is S" කියලා message එකක් දෙන්න කියලා.


else
System.out.println("Your grade is F");
මේකෙන් කියන්නේ මේ මොකුත් නැතිනම්  "Your grade is F" කියලා   message එකක් දෙන්න කියලා.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...