Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn C++_1 කොටස 0

Vdasun | 10:18 PM |

 C++ කියන්නේ මොකක්ද?
 
C++ යනු Programming language එකක්.Programming Languages කොටස් දෙකකී.එනම්

1.Low level language - Machiene language and Assembly language.
2.High level language


1.Low level language
  මේකට අයත් වන්නේ  Machiene language හා Assembly language පමණී.


2.High level language
 Highlevel Language එකක් කියන්නේ
       "අපි එදිනෙදා භාවිතා කරන භාශාවේ ඇති වචන හා ලොකු පරස්පරතාවයක් නැති
        Programming Language "වලට.

 Machiene language හා Assembly language ඇරුනහම අනිත් හැම language එකක්ම මීට අයත් වේ.


Programming Language පරම්පරා තුනකට බෙදලා තියෙනවා.ඒ තමයි,

1.පලමුවන පරම්පරාව(First Generation)
      Machien language
2.දෙවන පරම්පරාව(Second Generation)
      Assembly language
3.තුන්වන පරම්පරාව(Third Generation)
      Java,C++


1.පලමු පරම්පරාව(First Generation)
   පලමුවන පරම්පරාවට අයත් වෙන්නේ Machien language පමණයි.Machien language තුලදී භාවිතා වෙන්නේ "1 හා 0" පමණී.පරිගණකය යනු Digital උපාංගාක්.පරගණකයට හදුනාගත හැක්කේ "1 හා 0" පමණී.ඒ නිසා පරිගණකයකදී භාවිතා වනුයේ පලමු පරම්පරාව(First Generation)ට අයත් Machien language පමණී.

2.දෙවන පරම්පරාව(Second Generation)-Assembly language
   මේකේදී වෙන්නේ පරිගණකයේ ඇති Hardware සමග අපව සම්බන්ද කිරීමයි.

Operating System එකකින් කෙරෙන්නේ Interfaces හරහා අපව පරිගණකයේ ඇති Hardware සමග සම්බන්ද කිරීමයි.මේ සදහා භාවිතා වනුයේ Assembly Language එකයි.

නිදසුන්- අපිට ඕනිනම් පින්තූරයක් print කරගන්න print කියන command එක දුන්නු ගමන් අපිට printout එකක් ගන්න පුලුවන්.මෙහිදී printer එකට command එකක් දෙන්න ඕනි  print කරන්න කියලා.අපිට කියන්න බෑනේ printer එකට.ඒ දේ කරන්නේ Assebly language එකෙන්.


3.තුන්වන පරම්පරාව(Third Generation)
      Java,C++

 තුන්වන පරම්පරාව(Third Generation) මේවා අයත් වෙන්නේ Highlevel Language කියන කොටසට.
නිදසුන්-Java,C++

Highlevel Language එකක් කියන්නේ
       "අපි එදිනෙදා භාවිතා කරන භාශාවේ ඇති වචන හා ලොකු පරස්පරතාවයක් නැති
        Programming Language "වලට.

Java,C++ අයත් වන්නේ Highlevel Language කොටසට.මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් C++ වල භාවිතා වන Key words හදුනා ගැනීමෙන්.

නිදසුන්-String,int,main,float,double,char,include,SendMessage,return,void,define,if,else,.for,while,do

මේ වචන සාමාන්ය ඉංග්‍රීසි භාශාවේ ඇති වචන වලට සමානයි.ඒ කියන්නේ මේ වගේ වචන භාවිතාවන Programming language අයත් වන්නේ Highlevel language වලටයි.C++ කියන්නේ තුන්වන පරම්පරාවෙන් ඉහල Highlevel programming language එකක්.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...