Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn Java 6-1 0

Vdasun | 9:12 PM |

Repetition


Repetition කියන්නේ මොකක් හරි command එකක් නැවත නැවත ක්‍රියාත්මක කිරීමකට.අපි බලමු කොහොමද java වල Repetition  කරන්නේ කොහොමද කියලා.

java වල  Repetition කරන්න යොදාගන්නේ loops. java වලදී අපි loops වර්ග තුනක් භාවිතා කරනවා. ඒ තමයි,

  1.For Loop
  2.While Loop
  3.Do While Loop
_________________________________________________________________

For Loop
අපි මුලින්ම බලමු කොහොමද  For Loop එකක් කරන්නේ කියලා.

Syntax of For Loop.

  for(condition1;condition2;condition3)
  {
    statement 1;
    statement 2;
    statement 3;
    statement 4;
  
  }

අපි For Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.

class test1{
public static void main(String args[]){

 int i;

 for(i=0;i<10;i++)
 {

   System.out.println(i);
 }
}
}

මේ code එක test1.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test1.java                       enter කරන්න
  java test1                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.
1
2
3
4
5
6
7
8
9

අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
 int i;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.
 for(i=0;i<10;i++)

loop එක ඇතුලේදී අපි i වල අගය 0 ක් ලෙස දක්වලා තියෙනවා. ඒ කියන්නේ i = 0 කියන එක.

ඊලගට i දහයට අඩුයි කියලා දීලා තියෙනවා.ඒ කියන්නේ 0<10 කියන එක.

ඊලගට i++ දීලා තියෙනවා. ඒ කියන්නේ i වල අගය එකකින් වැඩි කරන්න කියලා.
 නිදසුන්:
    i=0;
    i++;
    output = 1

    i=1;
    i++;
    output = 2

    i=2;
    i++;
    output = 3

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.
 for(i=0;i<10;i++)

මේකේදී i=0 .ඒ කියන්නේ i වල අගය 0 යි. ඒකියන්නේ පලවෙනි condition එක true වෙනවා.

ඊලගට දෙවෙනි condition එකට යනවා.i<10 මේ කියන්නේ i වල අගය 10 ට වඩා අඩුයි කියන එක. දැන් i වල අගය 0 යි.ඒ කියන්නේ i දහයට වඩා අඩුයි. දෙවෙනි condition එකත් true වෙනවා.

ඊලගට තුන්වන condition එකට යනවා. මේකේදී කියන්නේ i වල අගය එකකින් වැඩිකරන්න කියන එක. ඒ කියන්නේ 0 වේ අගය එකකින් වැඩිකරන්න කියන එක.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 1 යි. ඊලගට 1 කියන ඉලක්කම print වෙනවා.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එකක් වත් braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 1 යි. i වල අගය 10 ට වඩා අඩුයි. ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ i වල අගය දෙකයි.
දැන් loop එක ඇතුලට යනවා.loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 2 යි. ඊලගට 2 කියන ඉලක්කම print වෙනවා.

මේ විදියට i වල අගය 9 වෙනකන් loop එක run වෙනවා.
i වල අගය  9 දී බලනවා i දහයට වඩා අඩුයිද කියලා.  ඒ condition එක true වෙන නිසා i වල අගය එකකින් වැඩි කරනවා. දැන් i වල අගය 10 යි.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 10 යි. ඊලගට 10 කියන ඉලක්කම print වෙනවා.
Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එකක් වත් braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 10 යි. loop එකේ දෙවනි condition එකේ කියලා තියෙනවා i වල අගය 10 ට වඩා අඩුයි කියලා. නමුත් දැන් i වල අගය 10 යි .ඒ කියන්නේ loop එකේ දෙවෙනි condition එක false වෙනවා.
ඒ නිසා loop එක නවතිනවා. 

_________________________________________________________________

While Loop
අපි බලමු කොහොමද  While Loop එකක් කරන්නේ කියලා.

Syntax of While Loop.

  while(condition)
  {
    statement 1;
    statement 2;

  
  }

අපි  While Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.

class tset2{

  public static void main(String[] args) {
      int i = 0;
     
      while (i < 3) {
      System.out.println(i);
      i++;
      }
  }
}

මේ code එක test2.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test2.java                       enter කරන්න
  java test2                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.

0
1
2


අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
int i=0;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.
while (i < 3)

i වල අගය 3 ට වඩා අඩුයි කියලා දීලා තියෙනවා.

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.
while (i < 3)

මේකේදී i=0 .ඒ කියන්නේ i වල අගය 0 යි. ඒකියන්නේ loop condition එක true වෙනවා.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 0 යි. ඊලගට 0 කියන ඉලක්කම print වෙනවා.

ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 1 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 1 යි. i වල අගය 3 ට වඩා අඩුයි.loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට ඇතුලට යනවා.
loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 1 යි. ඊලගට 1 කියන ඉලක්කම print වෙනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 2 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 2 යි. i වල අගය 3 ට වඩා අඩුයි.loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට ඇතුලට යනවා.
loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 2 යි. ඊලගට2 කියන ඉලක්කම print වෙනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 3 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 3 යි.loop එකේ දීලා තියෙන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා. දැන් i වල අගය 3 නිසා  loop condition එක break වෙනවා. ඒ නිසා loop එක නවතිනවා. 


_________________________________________________________________

Do While Loop
අපි බලමු කොහොමද  Do  While Loop එකක් කරන්නේ කියලා.

Syntax of Do While Loop.

    do{
       statement 1;
       statement 2;
      } 
      while (condition);

අපි  Do While Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.


public class test3{

  public static void main(String[] args) {
       int i = 0;
      
       do{
          System.out.println(i);
          i++;
         }
       while (i < 3);
  }
}

මේ code එක test3.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test3.java                       enter කරන්න
  java test3                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.

0
1
2

අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
int i=0;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.

       do{
          System.out.println(i);
          i++;
         }

මේකේදී මුලින්ම කියනවා i කියන එක print කරන්න කියලා. දැන් i වල අගය 0 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 1 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 1 යි.ඒ කියන්නේ loop condition එක true වෙනවා.

ඊලගට ආයෙත් loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් i වල අගය 1 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 2 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 2 යි.ඒ කියන්නේ loop condition එක true වෙනවා.

ඊලගට ආයෙත් loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් i වල අගය 2 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 3 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 3 යි.ඒ කියන්නේ loop condition එක false වෙනවා.ඒ නිසා loop එක නවතිනවා. 



0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...