Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn C++_ 2කොටස 0

Vdasun | 12:55 AM |

ඔන්න එහෙනම් අපි C++ වලින් පොඩි වැඩසටහනක් ලියලා බලමු.C++ වැඩ සටහන් ලිවීමට යොදාගන්නේ C free කියන සොෆ්ට්වෙයාර් එක.ඔක්කොටෝම කලින්ඒක බාගන්න.

ඩවුන්ලෝඩ් කිරීමට මෙතන ක්ලික් කරන්න.Click here to download.

Install කරාට පස්සේ Software එක open කරගන්න.මේ වගේ


ඔය රතු පාටින් රවුම් කරලා තියෙන icon එක ක්ලික් කිරීම මගින් New code file එකක් ලබාගත හැකිය.Ctri+N එකවර press කිරීම මගින් New code file එකක් ලබාගැනීමට හැකිය.නැත්නම් File-New මගින්ද ලබාගත හැකිය.අපි වැඩසටහනක් ලියනු ලබන්නේ New code file ක් තුලය.

ඔන්න එහෙනම් ඉස්සරවෙලාම පොඩි C++ වැඩසටහනක් ලියලා බලමු.New code file එකක් අරන්මේ කෝඩ් එක ඔහොමම ලියාගන්න.

#include<iostream>
int main()
{
    cout<<"Hello World"<<endl;
}

හරියට ලියාගත්තට පස්සේ program එක run කරන්න.F5 යතුර එබීම මගින් සිදුකල හැකිය.නැතිනම් කොල පාටින් රවුම් කරලා තියෙන  icon එක ක්ලික් කිරීම මගින්ද සිදුකල හැකිය.වැඩසටහන run වෙන්නේ මේ වගේ,


දැන් බලමු මේකෙදී මොකක්ද වෙන්නේ කියලා.අපි ලියන වැඩසටහනට කියන්නේ Source code එක කියලා.මේ රූපේ තියෙන්නේ ඒක.


C++ වල තියෙනවා Library කියලා දෙයක්. ඒවායින් වෙන්නේ වැඩසටහන ක්‍රියාත්මක වීමට අවශ්ය උපදෙස් දීමක්.අපි හදන වැඩසටහනට හරියන Library file එක අපි add කරගන්න ඕනි. ඒ හින්දා තමයි source code එකේ මුලින්ම
          #include<iostream>
කියලා දාන්නේ. අපේ වැඩසටහනින් කෙරෙන්නේ "Hello World"කියන එක display කරන එකනේ. ඒකට හරියන්නේ "iostream" කියන library එක."iostream" කියන්නේ i-input o-output stream කියන එක.library එක ඇතුලත් කරගත්තේ නැතිනම් වැඩසටහන run වෙන්නේ නෑ.මතක ඇතුව # , <> , << , ; , { , } අනිවාර්යෙන්ම දාන්නම ඕනි .නැතිනම් Syntax error පෙන්නනවා.

"Open brackets" වලින් කෙරෙන්නේ වැඩසටහන පටන්ගන්න කියන command එක දීමයි.

"Cout"  මගින් කෙරෙනුයේ යමක් display කරන්න යන command එක ලබාදීමයි.

<<  මගින් කරනුයේ display කිරීම පටන්ගන්න කියන command එක ලබාදීමයි.

"  "  මගින් කියනු ලබන්නේ කොමා දෙක ඇතුලේ තියෙන දේ display කරන්න කියන එකයි.

<<  මගින් කෙරෙන්නේ display කිරීම අවසන් බවයි.

endl   මගින් කරනුයේ අලුත් line එකකට cursor එක ගෙනියන්න කියන command එක ලබාදීම.වැඩසටහන run කරලා බලන්න "Hello World" display කරාට පස්සේ අලුත් line එකක තමයි "press any key to continue" කියලා වැටෙන්නේ.ඒ කියන්නේ "Hello World" display කරාට පස්සේ අලුත් line එකකට cursor එක ගිහින් කියන එක.

; මගින් කියන්නේ statement එක ඉවරයි කියන එක.

"Close brackets" වලින් කරන්නේ වැඩසටහන ඉවරයි කියන command එක දීම.

අපි ඊලග කොටසින් බලමු C++ වැඩසටහන් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...