Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn Java 5 0

Vdasun | 9:45 AM |

User Inputs

අපි බලමු java වල user input එකක් ගන්න තියෙන තවත් විදි මොනවද කියලා.අපි මේකෙදී පාවිච්චි කරන්නේ

import java.util.Scanner;
import java.io.*; කියන library දෙක.



අපි මුලින්ම බලමු Scanner කියන library එකෙන් user input එකක් ගන්න විදිය.
මේ වැඩසටහනේදී අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.ඊලගට අපි ඒක පෙන්නනවා.

import java.util.Scanner;

class test1{
public static void main(String args[])
{

  String name;
 
  Scanner s=new Scanner(System.in);


  System.out.print("Enter your name:");
  name=s.nextLine();


  System.out.print("Your name is :" +name);
}
}

මේ code එක tset1.java විදියට desktop එකේ save කරගන්න.ඊලගට cmd එක අරන් මෙහෙම type කරන්න.

cd desktop                        enter කරන්න
javac test1.java                  enter කරන්න
java test1                        enter කරන්න


දැන් අපි බලමු කොහොමද මේ program එක වැඩකරන්නේ කියලා.

අපි මේකේදී මුලින්ම library එකක් import කරලා තියෙනවා.
import java.util.Scanner;

අපි ඊලගට name කියලා string variable එකක් අරන් තියෙනවා.user enter කරන නම අපි save කරගන්නේ මේ variable එකට.
String name;

ඊලගට අපි Scanner කියන library එකෙන් object එකක් හදාගෙන තියෙනවා "s" කියලා.
Scanner s=new Scanner(System.in);

ඊලගට අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.
System.out.print("Enter your name:");


user enter කරන නම අපි read කරගන්නේ "s.nextLine()" කියන එකෙන්. ඊලගට name කියන variable එකට read කරගත්තු දේ assign කරනවා.
name=s.nextLine();

අන්තිමේදී user input කරපු name එක මොකක්ද කියලා පෙන්නනවා.
___________________________________________________________________________
Java වල user input එකක් ගන්න තවත් විදියක් බලමු.
දැන් අපි බලමු io කියන library එකෙන් user input එකක් ගන්න විදිය.

import java.io.*;

class test2{
public static void main(String args[])throws Exception
{

  String name;
 
  InputStreamReader x=new InputStreamReader(System.in);
  BufferedReader y=new BufferedReader(x);


  System.out.print("Enter your name:");
  name=y.readLine();


  System.out.print("Your name is :" +name);
}
}

මේ code එක tset2.java විදියට desktop එකේ save කරගන්න.ඊලගට cmd එක අරන් මෙහෙම type කරන්න.

cd desktop                        enter කරන්න
javac test2.java                  enter කරන්න
java test2                        enter කරන්න

දැන් අපි බලමු කොහොමද මේ program එක වැඩකරන්නේ කියලා.

අපි මේකේදී මුලින්ම library එකක් import කරලා තියෙනවා.
import java.io.*;

අපි මේකේ main class එකේදී "throws Exception" කියලා වචනයක් දාලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ program එකේ තියෙන වැරදි අයින් කරන්න කියන එක.
public static void main(String args[])throws Exception

අපි ඊලගට name කියලා string variable එකක් අරන් තියෙනවා.user enter කරන නම අපි save කරගන්නේ මේ variable එකට.
String name;

ඊලගට අපි InputStreamReader කියන එකෙන් x කියලා object එකක් හදාගෙන තියෙනවා.
BufferedReader කියන එකෙන් y කියලා object එකක් හදාගෙන තියෙනවා.

ඊලගට අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.
System.out.print("Enter your name:");


user enter කරන නම අපි read කරගන්නේ "y.readLine()" කියන එකෙන්. ඊලගට name කියන variable එකට read කරගත්තු දේ assign කරනවා.
name=y.readLine();

අන්තිමේදී user input කරපු name එක මොකක්ද කියලා පෙන්නනවා.


0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...