Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn Java 3 0

Vdasun | 8:18 AM |

Java Data types



අපි බලමු ජාවා වල data types මොනවද කියලා.මෙතන තියෙන්නේ අපිට වැඩිපුරම ඕනි වෙන data types ටිකක්.


char
String
int
double

__________________________________________________________________________________
char :

මේ data type එක යොදාගන්නේ එක අකුරක්(Character)  variable එකකට save කරගන්න.

නිදසුන් :  char a='N';

මතක ඇතුව එක අකුරක් හරි character එකක් හරි දෙනකොට single comma (' ') ඇතුලේ තමයි දෙන්න ඕනි.

අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.

public class Test1{
public static void main(String args[]){

char a='N';


System.out.println("Value of char A is:"+a);

    }
}

__________________________________________________________________________________
String :

මේ data type එක යොදාගන්නේ එක අකුරකට(Character) වඩා වැඩි ගනනක් variable එකකට save කරගන්න.

නිදසුන් :  String name="Nishantha Hewawissa";

මතක ඇතුව එක  String එකක්  දෙනකොට double comma (" ") ඇතුලේ තමයි දෙන්න ඕනි.

අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.

public class Test2{
public static void main(String args[]){

String name="Nishantha Hewawissa";


System.out.println("My name is " +name);

    }
}

__________________________________________________________________________________
int :

මේ data type එක යොදාගන්නේ ඉලක්කම් වලට. දශම නැති පූර්ණ සංඛ්යා වලට.

නිදසුන් :  int a=5;

අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.

public class Test3{
public static void main(String args[]){

int a=5;
int b=10;


System.out.println("Value of A is:"+a);
System.out.println("Value of B is:"+b);
System.out.println("Sum of A and B is:" +(a+b));
System.out.println("Substraction of A and B is:"+(b-a));
System.out.println("Division of A and B is:"+(b/a));
System.out.println("Product of A and B is:"+(a*b));

    }
}
__________________________________________________________________________________
double :

මේ data type පූර්ණ සංඛ්යා , දශම සංඛ්යා ඕනි එකකට යොදාගන්න පුලුවන්. කෝකටත් තෛලය කියලා numbers පාවිච්චි කරනකොට මේ data type එක පාවිච්චි කරන එක හොදයි.


නිදසුන් :  double a=5.5;

අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.

public class Test4{
public static void main(String args[]){

double a=5.5;
double b=10.5;


System.out.println("Value of A is:"+a);
System.out.println("Value of B is:"+b);
System.out.println("Sum of A and B is:" +(a+b));
System.out.println("Substraction of A and B is:"+(b-a));
System.out.println("Division of A and B is:"+(b/a));
System.out.println("Product of A and B is:"+(a*b));

    }
}
__________________________________________________________________________________

run කරගන්න බැරිනම් මෙහෙම කරන්න.

programs ඔක්කෝම java files විදියට desktop එකේ save කරගන්න.
මේ විදියට.

Test1.java
Test2.java
Test3.java
Test4.java

ඒට පස්සේ cmd එකේ මෙහෙම type කරන්න.

 cd desktop                        enter කරන්න
 javac Test1.java                  enter කරන්න
 java Test1                        enter කරන්න

මේ වගේ අනිත් ඒවත් run කරන්න.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...