Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn C++_ 4කොටස 0

Vdasun | 10:06 AM |

C++ වල Data Types යෙදීම.

C++ වල Data Types යොදන්නේ කොහොමද කියලා අවබෝද කරගන්න අපි වැඩසටහන් කිහිපයක් ලියලා බලමු.


මුලින්ම අපි බලමු "int" data type එක යොදන්නේ කොහොමද කියලා.මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    int x=5;
    int y=5;

    cout<<"Answer is "<<x+y<<endl;
}

 දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x කියලා variable එකක් තියෙනවා.x සමාන කරලා තියෙනවා 5 ට.5 කියන්නේ පූර්ණ සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍x කියන්නෙත් පූර්ණ සංඛ්‍යයාවක්.පූර්ණ සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක
"int" ය.ඒ අනුව ‍x හි data type එක int ලෙස යොදලා තියෙනවා.

මේකේ y කියලා variable එකක් තියෙනවා.y සමාන කරලා තියෙනවා 5 ට.5 කියන්නේ පූර්ණ සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍y කියන්නෙත් පූර්ණසංඛ්‍යයාවක්.පූර්ණ සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක
"int" ය.ඒ අනුව ‍y හි data type එක int ලෙස යොදලා තියෙනවා.

අන්තිමේදී පිළිතුර පෙන්නන්නේ මෙහෙමයි.
 x වල අගය 5 යි.y වල අගය 5 යි.‍‍‍x+y කියන්නේ 10 යි.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

---------------------------------------------------------------------------------------------------------------

ඊලගට අපි බලමු "double,float" data type එක යොදන්නේ කොහොමද කියලා.
මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ දශම සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    double x=5.5;
    double y=5.5;

    cout<<"Answer is "<<x+y<<endl;
}

දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x කියලා variable එකක් තියෙනවා.x සමාන කරලා තියෙනවා 5.5ට.  5.5 කියන්නේ දශම සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍x කියන්නෙත් දශම සංඛ්‍යයාවක්.දශම සංඛ්‍යයාවක් සදහා "double" හෝ "float"යන data type වලින් ඕනෑම එකක් යෙදිය හැකිය.නමුත් "double" යන්නෙහි දත්ත පරාසය "float" යන්නට වඩා වැඩිය.ඒ අනුව ‍x හි data type එක double ලෙස යොදා ඇත.

මේකේ y කියලා variable එකක් තියෙනවා.y සමාන කරලා තියෙනවා 5.5ට. 5.5 කියන්නේ දශම සංඛ්‍යයාවක්. ඒහෙමනම් ‍y කියන්නෙත් දශම සංඛ්‍යයාවක්.දශම සංඛ්‍යයාවක් සදහා යෙදිය යුතු data type එක double හෝ float ය.ඒ අනුව ‍y හි data type එක double ලෙස යොදා ඇත.

අන්තිමේදී පිළිතුර පෙන්නන්නේ මෙහෙමයි.
 x වල අගය 5.5 යි.y වල අගය 5.5 යි.‍‍‍x+y කියන්නේ 11 යි.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

කෝකටත් තයිලය වගේ සංඛ්‍යයා යොදා ගැනීමේදී data type එක විදියට "double" යොදා ගැනීම සුදුසුයි.
මොකද කියනවනම් මේ data type එකෙන් පූර්ණ සංඛ්‍යයා මෙන්ම දශම සංඛ්‍යයා යොදාගනිමින් ගණිතකර්ම සිදුකිරීමට පුලුවන්.
-------------------------------------------------------------------------------------------

දැන් අපි  කලින් කරපු  code දෙකම ටිකක් වෙනස් විදියට කරමු.මේකේදී අපි ‍x හා y සදහා ඕනෑම අගයක් ආදේශ කිරීමේ අවස්තාව user ට ලබාදෙනවා.ඒ කියන්නේ user input එකක් ගන්නවා කියන එක.

මේ code එක ඔය විදියටම type කරගන්න.මේකේදී වෙන්නේ user input කරන සංඛ්‍යයා දෙකක එකතුව ගැනීමක්.

#include<iostream>
int main()
{
    double x,y;

    cout<<"Enter first value (x): "<<endl;
    cin>>x;
    cout<<"Enter second value (y): "<<endl;
    cin>>y;


    cout<<"Answer is "<<x+y<<endl;
}

දැන් බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.ඕනිම code එකක් read වෙන්නේ උඩ ඉදන් පහලට.
මේකේ උඩින්ම library එක (#include<iostream>)ඇතුලත් කරලා තියෙනවා.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි.

මේකේ x හා yකියලා variable දෙකක් තියෙනවා.අපි user ට input කරන්න කියන්නේ සංඛ්‍යයා දෙකක් නේ.
ඒ  සංඛ්‍යයා දෙක දශම සංඛ්‍යයා හෝ පූර්ණ සංඛ්‍යයා වෙන්නට පුලුවන්.අනුව x හා y කියන්නේ  දශම  හෝ පූර්ණ සංඛ්‍යයා දෙකක්.ඒ නිසා කෝකටත් තයිලය කියලා x හා y වල data type එක double විදියට දාලා තියෙනවා.double වෙනුවට float වුවද භාවිතා කරන්න පුලුවන්.

අපි ඉස්සර වෙලාම user ට කියන්න ඕනි අගයක් ඇතුලත් කරන්න කියලා.

    cout<<"Enter first value (x): "<<endl;
    cin>>x;

අපි ඒකට cout එකක් දාලා කියනවා අගයක් ඇතුලත් කරන්න කියලා.user input කරන ඒ අගය අපි
‍x කියන variable එකට save කරගන්නවා.ඒක කරන්නේ

    cin>>x; කියන එකෙන්.මේකේ "cin" කියන එකෙන් කෙරෙන්නේ save කරගන්න කියන එක.
    ">>‍"මේ operator එකට ඉස්සරහින් x දාලාතියෙන එකෙන් වෙන්නේ  x කියන එකට save
    කරගන්න කියන එක.

අපි ඊලගට user ට කියන්න ඕනි අනෙක් අගය ඇතුලත් කරන්න කියලා.

    cout<<"Enter second value (y): "<<endl;
    cin>>y;

අපි ඒකට cout එකක් දාලා කියනවා අගයක් ඇතුලත් කරන්න කියලා.user input කරන ඒ අගය අපි
‍y කියන variable එකට save කරගන්නවා.ඒක කරන්නේ

    cin>>y; කියන එකෙන්.මේකේ "cin" කියන එකෙන් කෙරෙන්නේ save කරගන්න කියන එක.
    ">>‍"මේ operator එකට ඉස්සරහින් y දාලාතියෙන එකෙන් වෙන්නේ  y කියන එකට save
    කරගන්න කියන එක.

අන්තිමේදී උත්තරේ ලැබෙන්නේ මෙහෙමයි.
x වලට user input කරන පලවෙනි අගය save වෙනවා.y වලට user input කරන දෙවන අගය save වෙනවා.
‍‍‍x+y කියන්නේ ‍x වලට save කරගත්තු අගයෙයියි  y වලට save කරගත්තු අගයෙයියි එකතුව.
"Answer is" කියන එක display වෙලා ඊලගට පිළිතුර display වෙනවා.

user දශම සංඛ්‍යයාවක් ඇතුලත් කලත් පූර්ණ සංඛ්‍යයාවක් ඇතුලත් කලත් ගින්නක් නැතුව උත්තරේ ගන්න පුලුවන්.මොකද data type එක විදියට දාලා තියෙන්නේ "double"නිසා.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...