Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE
V D A S U N

Learn Java 6-1 0

Vdasun | 9:12 PM |

Repetition


Repetition කියන්නේ මොකක් හරි command එකක් නැවත නැවත ක්‍රියාත්මක කිරීමකට.අපි බලමු කොහොමද java වල Repetition  කරන්නේ කොහොමද කියලා.

java වල  Repetition කරන්න යොදාගන්නේ loops. java වලදී අපි loops වර්ග තුනක් භාවිතා කරනවා. ඒ තමයි,

  1.For Loop
  2.While Loop
  3.Do While Loop
_________________________________________________________________

For Loop
අපි මුලින්ම බලමු කොහොමද  For Loop එකක් කරන්නේ කියලා.

Syntax of For Loop.

  for(condition1;condition2;condition3)
  {
    statement 1;
    statement 2;
    statement 3;
    statement 4;
  
  }

අපි For Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.

class test1{
public static void main(String args[]){

 int i;

 for(i=0;i<10;i++)
 {

   System.out.println(i);
 }
}
}

මේ code එක test1.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test1.java                       enter කරන්න
  java test1                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.
1
2
3
4
5
6
7
8
9

අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
 int i;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.
 for(i=0;i<10;i++)

loop එක ඇතුලේදී අපි i වල අගය 0 ක් ලෙස දක්වලා තියෙනවා. ඒ කියන්නේ i = 0 කියන එක.

ඊලගට i දහයට අඩුයි කියලා දීලා තියෙනවා.ඒ කියන්නේ 0<10 කියන එක.

ඊලගට i++ දීලා තියෙනවා. ඒ කියන්නේ i වල අගය එකකින් වැඩි කරන්න කියලා.
 නිදසුන්:
    i=0;
    i++;
    output = 1

    i=1;
    i++;
    output = 2

    i=2;
    i++;
    output = 3

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.
 for(i=0;i<10;i++)

මේකේදී i=0 .ඒ කියන්නේ i වල අගය 0 යි. ඒකියන්නේ පලවෙනි condition එක true වෙනවා.

ඊලගට දෙවෙනි condition එකට යනවා.i<10 මේ කියන්නේ i වල අගය 10 ට වඩා අඩුයි කියන එක. දැන් i වල අගය 0 යි.ඒ කියන්නේ i දහයට වඩා අඩුයි. දෙවෙනි condition එකත් true වෙනවා.

ඊලගට තුන්වන condition එකට යනවා. මේකේදී කියන්නේ i වල අගය එකකින් වැඩිකරන්න කියන එක. ඒ කියන්නේ 0 වේ අගය එකකින් වැඩිකරන්න කියන එක.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 1 යි. ඊලගට 1 කියන ඉලක්කම print වෙනවා.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එකක් වත් braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 1 යි. i වල අගය 10 ට වඩා අඩුයි. ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ i වල අගය දෙකයි.
දැන් loop එක ඇතුලට යනවා.loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 2 යි. ඊලගට 2 කියන ඉලක්කම print වෙනවා.

මේ විදියට i වල අගය 9 වෙනකන් loop එක run වෙනවා.
i වල අගය  9 දී බලනවා i දහයට වඩා අඩුයිද කියලා.  ඒ condition එක true වෙන නිසා i වල අගය එකකින් වැඩි කරනවා. දැන් i වල අගය 10 යි.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);

දැන් i වල අගය 10 යි. ඊලගට 10 කියන ඉලක්කම print වෙනවා.
Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එකක් වත් braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 10 යි. loop එකේ දෙවනි condition එකේ කියලා තියෙනවා i වල අගය 10 ට වඩා අඩුයි කියලා. නමුත් දැන් i වල අගය 10 යි .ඒ කියන්නේ loop එකේ දෙවෙනි condition එක false වෙනවා.
ඒ නිසා loop එක නවතිනවා. 

_________________________________________________________________

While Loop
අපි බලමු කොහොමද  While Loop එකක් කරන්නේ කියලා.

Syntax of While Loop.

  while(condition)
  {
    statement 1;
    statement 2;

  
  }

අපි  While Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.

class tset2{

  public static void main(String[] args) {
      int i = 0;
     
      while (i < 3) {
      System.out.println(i);
      i++;
      }
  }
}

මේ code එක test2.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test2.java                       enter කරන්න
  java test2                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.

0
1
2


අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
int i=0;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.
while (i < 3)

i වල අගය 3 ට වඩා අඩුයි කියලා දීලා තියෙනවා.

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.
while (i < 3)

මේකේදී i=0 .ඒ කියන්නේ i වල අගය 0 යි. ඒකියන්නේ loop condition එක true වෙනවා.

දැන් loop එක ඇතුලට යනවා. loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 0 යි. ඊලගට 0 කියන ඉලක්කම print වෙනවා.

ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 1 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 1 යි. i වල අගය 3 ට වඩා අඩුයි.loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට ඇතුලට යනවා.
loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 1 යි. ඊලගට 1 කියන ඉලක්කම print වෙනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 2 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 2 යි. i වල අගය 3 ට වඩා අඩුයි.loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට ඇතුලට යනවා.
loop එක ඇතුලේ කියලා තියෙනවා i කියන එක පෙන්වන්න කියලා.
System.out.println(i);
දැන් i වල අගය 2 යි. ඊලගට2 කියන ඉලක්කම print වෙනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරන්න කියලා තියෙනවා.
i++;
දැන් i වල අගය 3 යි.

Close brackets "}" වලින් loop එක ඉවර කරලා තියෙනවා. loop එකේ condition එක  braek වෙලා නැති නිසා  ආයෙත් loop එකට යනවා.

දැන් i වල අගය 3 යි.loop එකේ දීලා තියෙන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා. දැන් i වල අගය 3 නිසා  loop condition එක break වෙනවා. ඒ නිසා loop එක නවතිනවා. 


_________________________________________________________________

Do While Loop
අපි බලමු කොහොමද  Do  While Loop එකක් කරන්නේ කියලා.

Syntax of Do While Loop.

    do{
       statement 1;
       statement 2;
      } 
      while (condition);

අපි  Do While Loop සදහා පොඩි වැඩසටහනක් ලියලා බලමු.


public class test3{

  public static void main(String[] args) {
       int i = 0;
      
       do{
          System.out.println(i);
          i++;
         }
       while (i < 3);
  }
}

මේ code එක test3.java විදියට desktop එකේ save කරගන්න.code එක run කරන්නේ මෙහෙමයි.

cmd එක අරන් මෙහම type කරන්න.

  cd desktop                             enter කරන්න
  javac test3.java                       enter කරන්න
  java test3                             enter කරන්න

code එක run වෙද්දී මෙහෙම display වෙයි.

0
1
2

අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

මේකේදී අපි i කියලා integer type variable එකක් අරන් තියෙනවා.
int i=0;

ඊලගට අපි loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් බලමු කොහොමද loop එක වැඩකරන්නේ කියලා.

       do{
          System.out.println(i);
          i++;
         }

මේකේදී මුලින්ම කියනවා i කියන එක print කරන්න කියලා. දැන් i වල අගය 0 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 1 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 1 යි.ඒ කියන්නේ loop condition එක true වෙනවා.

ඊලගට ආයෙත් loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් i වල අගය 1 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 2 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 2 යි.ඒ කියන්නේ loop condition එක true වෙනවා.

ඊලගට ආයෙත් loop එක පටන් අරන් තියෙනවා.

       do{
          System.out.println(i);
          i++;
         }

දැන් i වල අගය 2 යි. ඊලගට i වල අගය  print කරනවා.
ඊලගට i වල අගය එකකින් වැඩි කරනවා.දැන් i වල අගය 3 යි.
ඊලගට loop condition එක දීලා තියෙනවා. condition එකේදී කියන්නේ i වල අගය 3 ට වඩා අඩුයි කියලා.

while (i < 3)
දැන් i වල අගය 3 යි.ඒ කියන්නේ loop condition එක false වෙනවා.ඒ නිසා loop එක නවතිනවා. 



Learn Java 6 0

Vdasun | 11:10 AM |

Selection and Repetition

අපි බලමු කොහොමද java වල Selection කරන්නේ කියලා.

මේකේදී අපි මුලින්ම බලමු "If Else" එකක් ලියන්නේ කොහොමද කියලා.If Else එකක කොටස් දෙකක් තියෙනවා. ඒ තමඉ if කොටස හා else කොටස.
if else එකකින් කෙරෙන්නේ "මේ දේ වුනොත් මේක කරන්න නැතිනම් මේදේ කරන්න" කියන එක.

මේ තමයි ජාවා වල if else එකක් ලියන විදිය.


   if(condition){

      statement 1;
      statement 2;
      statement 3;

   }
   else{
      statement 1;
      statement 2;
      statement 3;

   }



අපි පොඩි වැඩසටහනක් කරලා බලමු.

class test1{
public static void main(String args[]){

int A=5;
int B=10;

System.out.println("Value of A is:"+a);
System.out.println("Value of B is:"+b);
if(A>B){
System.out.println("A greater than B");
}
else{
System.out.println("B greater than A");
}

}
}


මේ code එක test1.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test1.java                     Enter කරන්න
  java test1                           Enter කරන්න

මේකේදී අපි "A"හා"B" කියලා integer type variables දෙකක් අරන් තියෙනවා.
අපි A කියන variable එකට "5" කියන value එක assign කරලා තියෙනවා.
B කියන variable එකට "10" කියන value එක assign කරලා තියෙනවා.

ඊලගට අපි if else එකක් දාලා තියෙනවා.
if(a>b){
System.out.println("A greater than B");
}
මේ කියන්නේ A කියන එක B කියන එකට වඩා ලොකුයිනම් "A greater than B" කියලා message එකක් display කරන්න කියලා.


else{
System.out.println("B greater than A");
}

මේකේදී වෙන්නේ අරකේ අනිත් පැත්ත. ඒ කියන්නේ  B කියන එක A කියන එකට වඩා ලොකුයිනම් "B greater than A" කියලා message එකක් display කරන්න කියලා.
______________________________________________________________________

අපි තවත් වැඩසටහනක් ලියලා බලමු. මේකේදී අපි user ට කියනවා numbers දෙකක් enter කරන්න කියලා. ඊලගට ඒ දෙකෙන් විශාල number එක තෝරලා කියන එක.

import java.util.Scanner;



class test2{
public static void main(String args[]){

Scanner s=new Scanner(System.in);

int A,B;


System.out.print("Enter value for first number:");
A=s.nextInt();
System.out.print("Enter value for second number:");
B=s.nextInt();
System.out.println("Value of first number is:"+A);
System.out.println("Value of second number is:"+B);

if(A>B){
System.out.println("First number greater than second number");
}
else{
System.out.println("Second number greater than first number");
}

}
}


මේ code එක test2.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test2.java                     Enter කරන්න
  java test2                           Enter කරන්න

අපි බලමු code එක කොහොමද වැඩකරන්නේ කියලා.
අපි මේකේ A B කියලා integer type variable දෙකක් අරන් තියෙනවා.

ඊලගට අපි user ට කියනවා first number එක  enter කරන්න කියලා.
System.out.print("Enter value for first number:");
ඊලගට අපි user   enter කරපු number එක A කියන variable එකට assign කරගන්නවා.
A=s.nextInt();


ඊලගට අපි user ට කියනවා second number එක  enter කරන්න කියලා.
System.out.print("Enter value for second number:");
ඊලගට අපි user   enter කරපු number එක  B කියන variable එකට assign කරගන්නවා.
B=s.nextInt();

ඊලගට අපි if else එකක් දාලා තියෙනවා. ඒකේදී කරන්නේ A හා B වලින් ලොකු number එක තෝරන එකයි.


if(A>B){
System.out.println("First number greater than second number");
}
මේ කියන්නේ first number කියන එක  second number කියන එකට වඩා ලොකුයිනම් "First number greater than second number" කියලා message එකක් display කරන්න කියලා.

else{
System.out.println("Second number greater than first number");
}

මේ කියන්නේ Second number කියන එක  first number කියන එකට වඩා ලොකුයිනම් "Second number greater than first number" කියලා message එකක් display කරන්න කියලා.

____________________________________________________________________________

අපි තවත් වැඩසටහනක් බලමු. අපි මේකේදී  කරන්න යන්නේ marks වලට හරියන්න grade එක හොයන එකයි.


import java.util.Scanner;

class test3{
public static void main(String args[]){

Scanner s=new Scanner(System.in);

double marks;



System.out.print("Enter your marks:");
marks=Double.parseDouble(s.nextLine());



if(marks>75 )
System.out.println("Your grade is A");

else
if(marks>60 )

System.out.println("Your grade is B");

else
if(marks>50 )

System.out.println("Your grade is C");

else
if(marks>30 )

System.out.println("Your grade is S");

else


System.out.println("Your grade is F");

}
}


මේ code එක test3.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

  cd desktop                           Enter කරන්න
  javac test3.java                     Enter කරන්න
  java test3                           Enter කරන්න

අපි බලමු code එක කොහොමද වැඩකරන්නේ කියලා.
අපි මේකේ marks කියලා double type variable එකක් අරන් තියෙනවා.

ඊලගට අපි user ට කියනවා marks enter කරන්න කියලා.
System.out.print("Enter your marks:");
ඊලගට අපි user   enter කරපු marks , marks කියන variable එකට assign කරගන්නවා.
marks=Double.parseDouble(s.nextLine()); අපි මෙතනදී user enter කරන marks double විදියට convert කරගෙන තියෙනවා. ඒක කරන්නේ
Double.parseDouble කියන එකෙන්.

ඊලගට අපි grade පහකට හරියන්න if else පහක් දාලා තියෙනවා.

if(marks>75 )
System.out.println("Your grade is A");
මේකේදී කියන්නේ marks වල අගය 75 ට වඩා වැඩිනම් "Your grade is A" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>60 )
System.out.println("Your grade is B");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 60 ට වඩා වැඩිනම් "Your grade is B" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>50 )
System.out.println("Your grade is C");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 50 ට වඩා වැඩිනම් "Your grade is C" කියලා message එකක් දෙන්න කියලා.

else
if(marks>30 )
System.out.println("Your grade is S");
මේකේදී  else කියන්නේ නැතිනම්,
if කියන්නේ වුනොත්,
marks වල අගය 30 ට වඩා වැඩිනම් "Your grade is S" කියලා message එකක් දෙන්න කියලා.


else
System.out.println("Your grade is F");
මේකෙන් කියන්නේ මේ මොකුත් නැතිනම්  "Your grade is F" කියලා   message එකක් දෙන්න කියලා.

Learn Java 5 0

Vdasun | 9:45 AM |

User Inputs

අපි බලමු java වල user input එකක් ගන්න තියෙන තවත් විදි මොනවද කියලා.අපි මේකෙදී පාවිච්චි කරන්නේ

import java.util.Scanner;
import java.io.*; කියන library දෙක.



අපි මුලින්ම බලමු Scanner කියන library එකෙන් user input එකක් ගන්න විදිය.
මේ වැඩසටහනේදී අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.ඊලගට අපි ඒක පෙන්නනවා.

import java.util.Scanner;

class test1{
public static void main(String args[])
{

  String name;
 
  Scanner s=new Scanner(System.in);


  System.out.print("Enter your name:");
  name=s.nextLine();


  System.out.print("Your name is :" +name);
}
}

මේ code එක tset1.java විදියට desktop එකේ save කරගන්න.ඊලගට cmd එක අරන් මෙහෙම type කරන්න.

cd desktop                        enter කරන්න
javac test1.java                  enter කරන්න
java test1                        enter කරන්න


දැන් අපි බලමු කොහොමද මේ program එක වැඩකරන්නේ කියලා.

අපි මේකේදී මුලින්ම library එකක් import කරලා තියෙනවා.
import java.util.Scanner;

අපි ඊලගට name කියලා string variable එකක් අරන් තියෙනවා.user enter කරන නම අපි save කරගන්නේ මේ variable එකට.
String name;

ඊලගට අපි Scanner කියන library එකෙන් object එකක් හදාගෙන තියෙනවා "s" කියලා.
Scanner s=new Scanner(System.in);

ඊලගට අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.
System.out.print("Enter your name:");


user enter කරන නම අපි read කරගන්නේ "s.nextLine()" කියන එකෙන්. ඊලගට name කියන variable එකට read කරගත්තු දේ assign කරනවා.
name=s.nextLine();

අන්තිමේදී user input කරපු name එක මොකක්ද කියලා පෙන්නනවා.
___________________________________________________________________________
Java වල user input එකක් ගන්න තවත් විදියක් බලමු.
දැන් අපි බලමු io කියන library එකෙන් user input එකක් ගන්න විදිය.

import java.io.*;

class test2{
public static void main(String args[])throws Exception
{

  String name;
 
  InputStreamReader x=new InputStreamReader(System.in);
  BufferedReader y=new BufferedReader(x);


  System.out.print("Enter your name:");
  name=y.readLine();


  System.out.print("Your name is :" +name);
}
}

මේ code එක tset2.java විදියට desktop එකේ save කරගන්න.ඊලගට cmd එක අරන් මෙහෙම type කරන්න.

cd desktop                        enter කරන්න
javac test2.java                  enter කරන්න
java test2                        enter කරන්න

දැන් අපි බලමු කොහොමද මේ program එක වැඩකරන්නේ කියලා.

අපි මේකේදී මුලින්ම library එකක් import කරලා තියෙනවා.
import java.io.*;

අපි මේකේ main class එකේදී "throws Exception" කියලා වචනයක් දාලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ program එකේ තියෙන වැරදි අයින් කරන්න කියන එක.
public static void main(String args[])throws Exception

අපි ඊලගට name කියලා string variable එකක් අරන් තියෙනවා.user enter කරන නම අපි save කරගන්නේ මේ variable එකට.
String name;

ඊලගට අපි InputStreamReader කියන එකෙන් x කියලා object එකක් හදාගෙන තියෙනවා.
BufferedReader කියන එකෙන් y කියලා object එකක් හදාගෙන තියෙනවා.

ඊලගට අපි user ට කියනවා එයාගේ නම enter කරන්න කියලා.
System.out.print("Enter your name:");


user enter කරන නම අපි read කරගන්නේ "y.readLine()" කියන එකෙන්. ඊලගට name කියන variable එකට read කරගත්තු දේ assign කරනවා.
name=y.readLine();

අන්තිමේදී user input කරපු name එක මොකක්ද කියලා පෙන්නනවා.


Learn HTML 1 0

Vdasun | 6:28 AM |

HTML -Hyper Text Markup Language



HTML කියන්නේ web design වලට යොදාගන්න භාශාවක්.



අපි බලමු කොහොමද HTML document එකක් හදාගන්නේ කියලා.


        ඔයාලාගේ desktop එකේ right click කරලා new text document එකක් ගන්න.
        ඊලගට ඒක open කරලා   File--->save as යන්න.
        ඊලගට ඔයාලට කැමති නමක් දීලා ඒකේ අගට ".html" කියන එක දීලා save කරගන්න.
        අපි save කරගත්තු page එක edit කරන්න notepad එකෙන් open කරගන්න.

HTML වලදී අපි commands ලියන්නේ < > දෙකක් ඇතුලේ. ඒ කියන්නේ tag එකක්. අපි පටන්ගන්න හැම tag එකක්ම ඉවරකරන්නත් ඕනි.

<tag එක පටන්ගැනීම>  </tag එක අවසන් කිරීම>


නිදසුන්:  <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h1>This is my web page<h1></Body>

              </html>



HTML වලින් කරන webpage එකක් පටන්ගන්නේ <html> කියන tag එකෙන්.  webpage එක ඉවර කරන්නේ  </html> කියන tag එකෙන්.

<head> කියන tag එක ඇතුලේ අපි ලියන්නේ webpage එකේ  title එක,  META tags, STYLE tags වගේ දේවල්. tag එක ඉවර කරන්නේ </head> කියන tag එකෙන්.

<title> කියන tag එක පාවිච්චි කරන්නේ webpage එකේ  title එක web browser එකේ title bar එකේ පෙන්වන්න. tag එක ඉවර කරන්නේ
</title> කියන tag එකෙන්.

<body> කියන tag එක ඇතුලේ තමයි අපි webpage එකේ conents ලියන්නේ.ඒ කියන්නේ  webpage එකේ  HTML code එක. tag එක ඉවර කරන්නේ </body> කියන tag එකෙන්.

________________________________________________________________________

Line Breaks

අපි මේකේදී කරන්නේ අලුතින් line එකක් පටන් ගැනීම. මේකට අපි පාවිච්චි කරන tag එක තමයි <br> කියන්නේ.



        ඔයාලාගේ desktop එකේ right click කරලා new text document එකක් ගන්න.
        ඊලගට ඒක open කරලා   File--->save as යන්න.
        ඊලගට ඔයාලට කැමති නමක් දීලා ඒකේ අගට ".html" කියන එක දීලා save කරගන්න.
        අපි save කරගත්තු page එක edit කරන්න notepad එකෙන් open කරගන්න.

        ඊලගට මේ තියෙන code එක notepad එකට copy කරලා save කරන්න. මතක ඇතුව  .html විදියට save කරන්න.
             <html>

            <head>
            <title>My Web Page</title>
            </head>

            <body>
            My<br>
            Name<br>
            is<br>
‍            Your Name
            </body>

            </html>

මේකෙදී My කියන එක type වෙලා අලුත් line එකක Name කියන එක type වෙනවා. එහෙම වෙන්නේ <br> කියන tag එක නිසා.
________________________________________________________________

Comments භාවිතා කිරීම

HTML වලදී අපි comment එකක් දාන්න පාවිච්චි කරන්නේ මේ විදිය.

<!-- This is a comment -->

________________________________________________________________

Text formatting tags අකුරු හැඩගැන්වීම්.

දැන් අපි බලමු HTML වල කොහොමද  text formats  භාවිතා කරන්නේ කියලා.

<b> මේකන් වෙන්නේ bold විදියට අකුරු හැඩගැන්වීම.
නිදසුන් : <b>Hello<b>

<big> මේකන් වෙන්නේ අකුරු විශාල කිරීම.
නිදසුන් : <big>Hello<big>

<i> මේකන් වෙන්නේ italic විදියට අකුරු හැඩගැන්වීම.
නිදසුන් : <i>Hello<i>

<small> මේකන් වෙන්නේ අකුරු කුඩා කිරීම.
නිදසුන් : <small>Hello<small>

<strong> මේකන් වෙන්නේ අකුරු වටා highlight කිරීම.
නිදසුන් : <strong>Hello<strong>
________________________________________________________________
HTML Tags

අපි බලමු HTML tags මොනවද කියලා.

Comments යෙදීම
<!-- This is a comment -->

නිදසුන්:  <html>

              <head>
              <title>My Web Page</title>
              </head>

              <body>
              <!-- This is a comment -->
              </body>

              </html>
________________________________________________________________
<center>  මේ tag එක භාවිතා කරන්නේ webpage එකේ තියෙන contents මැද්දට ගැනීමට.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><center>This is my web page</center></Body>

             </html>

_______________________________________________________________
<font> මේ  tag එක භාවිතා කරන්නේ font එකක් define කිරීමට,font size එක define කිරීමට හා font color එක define කිරීමට .

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><font face="Arial" size="7" color="black">This is my web page</font></Body>

              </html>

_______________________________________________________________
<h1> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා. අකුරු ප්‍රමානයෙන් විශාලයි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h1>This is my web page</h1></Body>

              </html>

______________________________________________________________
<h2> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා.අකුරු ප්‍රමානයෙන් මදක් කුඩායි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h2>This is my web page</h2></Body>

              </html>

______________________________________________________________
<h3> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා.අකුරු ප්‍රමානයෙන් කුඩායි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h3>This is my web page</h3></Body>

              </html>

______________________________________________________________
<h4> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා.අකුරු ප්‍රමානයෙන් කුඩායි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h4>This is my web page</h4></Body>

              </html>

______________________________________________________________
<h5> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා.අකුරු ප්‍රමානයෙන් කුඩායි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h5>This is my web page</h5></Body>

              </html>

______________________________________________________________

<h6> මේ  tag එක භාවිතා කරන්නේ header සදහා.අකුරු ප්‍රමානයෙන් කුඩායි.

නිදසුන් : <html>

              <head>

              <title>My Web Page</title>

              </head>

              <body><h6>This is my web page</h6></Body>

              </html>





Laern Java 4 0

Vdasun | 8:17 PM |

User input-Command Line Arguments



අපි බලමු java වල කොහොමද User input එකක් ගන්නේ කියලා.java වල user input එකක් ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා.

අපි මුලින්ම බලමු user input එකක් ගන්න java වල තියෙන basic ක්‍රමය මොකක්ද කියලා.

මේ ක්‍රමයට කියන්නේ  Command Line Arguments ගන්නවා කියලා. ඒ කියන්නේ අපි program එක cmd එකෙන් run කරද්දී inputs දෙන්න ඕනි.
අපි පොඩි වැඩසටහනක් ලියලා බලමු.



අපි java program එකක් ලියද්දී  public static void main(String args[]) කියලා යොදාගන්නවා.ඔතන "args[]" කියන්නේ Array එකක්.
String කියන්නේ args[] කියන Array එකේ data type එක.Command Line Arguments පාවිච්චි කරලා ඔය Array එකට values pass කරගන්න අපිට පුලුව.
මේ program එකේදී අපි කරන්නේ ඒකයි.

අපි මේකේදී args කියන array එකේ zero position එකට අපේ input එක pass කරවගන්නවා.ඊලගට ඒක display කරවාගන්නවා.

public class test5{
public static void main(String args[]){

 String name;

 name=args[0];


 System.out.println("Your name is "+name);
 }
}

මේ program එක test5.java විදියට desktop එකේ save කරගන්න.
ඊට පස්සේ command prompt එක අරන් මේ විදියට type කරන්න .

 cd desktop               enter කරන්න
 javac test5.java         enter කරන්න
 java test5 Nishantha     enter කරන්න

මේ  program එක run කරද්දීම තමයි අපි inputs දෙන්න ඕනි.
මතක ඇතුව java test5 කියලා type කරලා space එකක් තියලා ඔයාලාගේ input එක දෙන්න.එහම නැතිව run කලොත් errors පෙන්නයි.
 
 javac test5.java          මේකෙන් කරන්නේ program එක compile කරන එක.
 java test5 Nishantha      මෙතනදී ඔයාලට දෙන්න ඕනි input එකත් type කරන්න ඕනි.

___________________________________________________________________________________
දැන් අපි මේ වැඩසටහනම තවටිකක් advanced කරමු.

public class test6{
public static void main(String args[]){

 String firstname,lastname;

 firstname=args[0];
 lastname=args[1];


 System.out.println("Your name is "+firstname +lastname);
 }
}

මේකේදි අපි args[] කියන array එකේ zero,first කියන positions වලට ඔයාලාගේ inputs pass කරනවා.
මේ විදියට.
  firstname=args[0];
  lastname=args[1];

මේක run කරන්නේ මෙහෙමයි.

මේ program එක test6.java විදියට desktop එකේ save කරගන්න.
ඊලගට cmd එක අරන් මේ විදියට type කරන්න.

 cd desktop                          enter කරන්න
 javac test6.java                    enter කරන්න
 java test6 Nishantha Hewawissa      enter කරන්න

මේ  program එක run කරද්දීම තමයි අපි inputs දෙන්න ඕනි.
මතක ඇතුව java test6 කියලා type කරලා space එකක් තියලා ඔයාලාගේ first name එක දෙන්න.ඊලගට තවත් space එකක් තියලා ඔයාලාගේ last name එක දෙන්න.එහම නැතිව run කලොත් errors පෙන්නයි.

මේ තමයි java වල user input ගන්න තියෙන basic විදිය.මේ ඇරෙන්න තවත් ක්‍රම ගොඩක් තියෙනවා.


Related Posts Plugin for WordPress, Blogger...