Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

MBR(Master Boot Record) ඉවරද? Hard disk එක ගොඩ ගන්න බැරිද? 0

Vdasun | 5:38 AM | ,

MBR(Master Boot Record) ඉවරද?
Hard disk එක ගොඩ ගන්න බැරිද?

 computer එකේ වටිනාම කෑල්ල hard disk එක නේ.එක එක හේතු නිසා අපිට hard disk එක format කරන්න වෙනවා.මමත් එහෙම Format කලා. හැබැයි වැඩේ වැරදුනා.Format එක බාගයක් ගිහින් restart වෙලා error එකක් එනවා.

  "Invalid partition table"

මගේ හතර හන්දි රත් වුනා.නිකන් කලන්තේ කලන්තේ වගේ.අවුරුදු ගාණක්ආසාවෙන් එකතු කරපු දේවල් ඔක්කෝටම බබා හරි වගේ.දන්න දේවල් සේරම කරා.එකසැරේ හතර පස් පාරක් format කලා.හරියන්නේම නෑ.කොහොමහරි කරලා අන්තිමේදී ගැටලුව සාර්තකව විසද ගත්තා.
  
   ඔය අපේ අයියලා සමහර අය කියන්න පුලුවන් ඕකට windows repair කරන්න, එතකොටහරි.Partition recovery කරන්න, එතකොට හරි, මටනම් ඔය කිසිම දෙයක් හරිගියේ නෑ.මොකටද ඔච්චර දුක් විදින්නේ?


මේක තමයි ලේසිම විදිය.දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා.පරිගණකයේ වැදගත්ම කොටසක් තමයි hard disk එක.MBR යනු hard disk එකේ තියන අතිශයින්ම වැදගත් කොටසක්.පරිගණකය BOOT වීමේදි commands ලබාදීමක් තමයි කෙරෙන්නේ.ඒ කියන්නේ

1.Hard disk එකේ partition කීයක් තියෙනවාද කියන එක,
2.Operating system එක ආරම්භ කරන්න ඕනි කියන එක,
3.Operating system එක තියෙන්නේ මොන partition එකේද කියන එක,

    මේ වගේ තව ගොඩාක් දේවල්.MBR අවුල් උනොත් ඔක්කොම ඉවරයි.හරියට Boot කරගන්න බෑ.
එතකොට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.ඒ තමයි MBR sector එක අලුතින් හදන එක.ඒක හරිම ලේසියි.

අපිට මේකෙදී උදව් වෙන සුපිරි භාණ්ඩයක් තියෙනවා.පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.වැඩිය නෑ.3 MB ක් විතර.ඔන්න එහෙනම් බාගන්න.

ඩවුන්ලෝඩ් කිරීමට මෙතන ක්ලික් කරන්න click here to download



ඔක්කොටෝම ඉස්සරවෙලා Hard disk එකේ වැදගත් මොනවහරි තියෙනවනම් අරන් ඉන්න.මොකද කියනවනම් මේකේදී මුලු හාර්ඩ් එකම Full Format වෙනවා.

ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගමු.සොෆ්ට්වයාර් එක තියෙන folder එක ඕපන් කරගන්න.ඒක ඇතුලේ ඇති testdisk_win කියලා මේ වගේ icon එකක්.ඒක run කරන්න.



එතකොට command prompt එක open වෙයි මේ වගේ.

 ඕකේ options තුනක් තියෙනවා. ඒකෙන් Create තෝරන්න.

ඊලගට hard disk එක තෝරන්න එයි. ඒකෙන් ඔයාට ඕනි එක තෝරන්න.



ඊලගට partition table type එක තෝරන්න එයි. ඒකේ option හතක් පෙන්නයි.Intel, EFI GPT, Humax, Mac,Non,Sun, XboX ඒවා.


ඕකෙන් "INTEL"කියන එක තෝරන්න.

ඊලගට මෙහෙම window එකක් ඕපන් වෙයි.


ඒකෙන් MBR Code කියන එක තෝරලා enter කරන්න.

ඊට පස්සේ  MBR code එක delete කරන්නද අහලා message එකක් පෙන්වයි.ඒකට "yes" කරන්න.එහෙම නැත්තන් මේ වගේ message එකක් පෙන්වයි.අපෙන් අහන්නේ අලුතින් MBR code එකක් හදන්නද කියලා.
"Write a new copy of MBR code to firs sector? (Y/N)"
ඒකට "Yes" කරන්න.

වැඩේ හරියට වුනාට පස්සේ message එකක් පෙන්වයි අලුතින් MBR Code එකක් හැදුවා කියලා.අන්තිමටම ඔයාලාට කැමති Operating System එකකින් Hard disk එක Format කරගන්න.වැඩේ හරි.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...