Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE
V D A S U N

Internet Download Manager 6.07+Crack 0

Vdasun | 5:19 AM | ,

 

ඇති තරම් බාගන්න මෙන්න සුපිරි භාණ්ඩේ.crack එකකුත් එක්ක.කලින් එකට වඩා පොඩි වෙනස්කම් ටිකකුත් එකතු කරලා තියෙනවා.අපි වැඩි දෙනා භාවිතා කරන නිසා මේක ඔයාලටත් වැදගත් වෙයි.බාගෙනම බලන්න.

බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.

Okinawa Goju Ryu 剛柔流 සම්ප්‍රදාය පිලිබද හැදින්වීමක්. 0

Vdasun | 6:25 AM |

කරාටේ ක්‍රීඩාවේ විකාශය

      ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරාගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.
Masters1936.jpg
කරාතේ හෙවත් හිස්අත් සටන්ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මන්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවාතුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත්කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය. 1851උපත ලද කන්රියෝ හිගෂි ඔන්කා නම් ශිල්පියා චීන සටන් ක්‍රමවල ආභාෂය මත මෟදු චලන සහ ශ්වසන අභ්‍යාස සහිතව නහාප්‍රාදේශිකයආශ්‍රිතව"නහා"සම්ප්‍රදාය ගොඩනැගුවේය.1888උපතලද චෝජුන් මියාගි මෙතුමාගේ ප්‍රධාන සිසුවා විය.මියාගිතුමා"රළුහාමෳදුබවේමග"ලෙසහඳුන්වන"ගෝජුරියු"ශෛලියෙහි නිර්මාතෳවරයායි.කොකසු වත්සුමුරා නම් ශිල්පියා තොමරිප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ"තොමරි තේ" සම්ප්‍රදායේ ආරම්භකයා විය.මෙකළ තෝ දේහෙවත් කරාතේ සටන් කලාව ෂූරි හා තොමරි ප්‍රදේශයන්ට අනුව බෙදීතිබුණි.ෂූරිතේ සහ තොමරිතේ සම්ප්‍රදායන් එක්වී සොකොන් මන්සුමුරාදැමූ පදනම මත ෂෝරින් රියු ශෛලිය බිහිවුණි."පයින්වනාන්තර ශෛලිය"යන අරුත දෙන ෂෝරින් රියු ලොව පුරාම කරාතේ ශෛලිය විය.ඒ අනුව ලොව ප්‍රථම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ශෛලිය වඩා වැදගත්කමක් උසුලයි.


ෂෝරින් රියු සම්ප්‍රදාය

ලොව මුල්ම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ව්‍යාප්තියට ඉමහත් සේවයක්කළ ෂෝකොන් මත්සුමුරාගේ ශිෂ්‍ය ඉතෝෂුඅන්කෝතුමා යි.කරාතේ ඔකිනාවා උසස් පාසල්පද්දතියට ඇතුලත්කිරීමට මෙතුමා මහත් වෙහෙසක්දැරුවේය.මෙය මෙතෙක් කල් රහසිගත ශිල්පයක් ලෙස තිබූ කරාතේ කලාවේ ව්‍යාප්තිය සඳහා දැමූ පළමු පදනම විය.මේ සඳහා එතුමා වයස 77දී පිනෑත් හෙවත් සන්සුන් මනස නම් ක්‍රම 05 කින් යුත් "තාහා කාතා" අභ්‍යාස නිර්මාණය කළේය. චොසින් විධානා(තොබයාෂි රියු) ත්යාන් චොතොකු(ෂොබයාෂි රියු) යබු තෙන්සු ,මොරතාබු චොසි, ගිචින් ෆනාතොෂි, මාබුනි තෙන්ඩෝ, චෝමෝ හනෂිරෝ,මෝදෙන් යබිකු, ශින්පන් ගුසු ආදී විශිෂ්ඨතම ශිල්පීන් ගණනාවකගේ ගුරුවරයා වීමට මෙතුමා කරාකතේ ශිල්පයට කළ සේවය කියාපායි. ෂෝරින් රියු සම්ප්‍රදාය ෂොබයාෂි,ෂොබයාෂි,මන්සුබයාෂි,මත්සුමරා සෙයිකෝ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදුණි.මෙයින් තොබයාෂි ෂෝරින් රියු සම්ප්‍රදාය"තරුණ පයින් වනාන්තර ශෛලිය" චොසින් විධානා අතිනුත්,ෂොබයාෂි සම්ප්‍රදාය "කුඩා පයින් වනාන්තර ශෛලිය වශයෙන් කයාන් චොතෙකු අතිනුත් බිහිවිය.
චිබනාගේ සිසුවකු වූ අන්හිචි අරතකිගෙන් ද මොහොබුචොකි හා ක්යාන්චොතකුගෙන් ද කරාතේ හැදෑරූ ෂොෂින් නාගමිනේ මත්සුබයාෂි සම්ප්‍රදාය බිහිකළේ ය. සොකොන්මත්සුමරාගේ මුණුපුරකු වූ තෝහා සොකෙන් ඉමතාසු අතින් වෙනස්වූ මත්සුමරාගේ පවුලේ සටන්ක්‍රමය මත්සුමරා සෙච්‍තතෝ නම් ශෛලියක් ලෙස ගොඩනැගුවේය. විධානාගේ තොබයාෂි සම්ප්‍රදාය යුචොකු හිගා(හියුදෝකාන්),ෂුංගාගේනකාසාතෝ, ෂෝරින්තාන්,කත්සුරා මියහිරා ආදී ගුරුවරුන් වෙතින් ද ක්යාන්ගේෂොබයාෂි සම්ප්‍රදාය අරතිචි,අන්තිචි,අන්කිචි,සෙන්රියෝෂිමබුකුරෝ, ජොඑන නකරාතෝ ආදී ගුරුවරු වෙතින් ඉදිරියට ගියේය. ක්යාන් චොතකු ගේ සිසුවකු වූ තත්සුමෝ ෂිටබුතුරෝ නිර්මාණයකළ ඉෂින් රියු ශෛලිය ද ඔකිනාවා හි ප්‍රමුඛස්ථානයක් ගනී.සෙයකි අරතකි විසින් ගෝහන්සොකෙන් ගේ සම්ප්‍රදාය රැකගත්තේය.

ගෝජුරියුසම්ප්‍රදාය

Chojun miyagi.gif
ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ‍ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි. ඔකිනාවා හිබිහිවූ අනෙකුත් ශෛලින් කන්චු උච්චිතුමා නිර්මාණයකළ උච්චි රියු ශෛලියන් වැදගත් වේ. මෙයින් ඔකිනාවා හි ප්‍රදාන ‍ශෛලින් හතර ලෙස ෂෝරින් රියු, ගෝ ජු රියු,උච්චි රියු සහ මත්ෂුබයාෂි සලකනුලබයි.

ජපානය තුළ ව්‍යාප්තිය

ඔකිනාවා ජපන් පාලනයට නතු වූ පසු කරාතේ ජපන් මධ්‍ය දේශයට ගෙනයාමට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදුවිය. මෙයට හේතුව ජපන් වැසියන් ඔකිනාවා තම දේශයේ කොටසක් ලෙස නොසැලකීමයි. ඔවුහු කරාතේ ක්‍රෑර ශිල්පයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. මෙහිදී තෝකියෝවට ගොස් කරාතේ ව්‍යාප්තියට මහත්සේ වෙහෙසවූවන් අතර ගිචින් ෆුනා තොෂි ගුරුතුමා හැඳින්විය හැකිය. මෙතුමා මෙතෙක්කල් කරාතේ ශිල්පය හැඳින්වීමට යෙදූ චීන අත යන අරුත්‍ දෙන "තෝ දේ"යන්න වෙනුවට "කරාතේ"හෙවත්"හිස්අත" යන්න යෝජනාකර සම්මතකරගැනීමෙහිලා පුරෝගාමී විය. ඔහු නවීන කරාතේ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. තමා උගැන්වූ ෂෝරින් රියුශෛලිය වෙනුවට කාටත් පුහුණුවිය හැකි ශෛලියක් ලෙස ෆුනා තොෂි තුමා ෂෝතෝකාන් නම් ශෛලිය තෝකියෝවේදී නිර්මාණයකළේ ය. ඔහුගේ සිසුවකු වූ හිරොනරි ඔන්සකාතුමා අහිංසාවේ මග යන අරුත ඇති"වාදෝ රියු"ශෛලිය බිහිකළේ ය. හිගාෂි ඔන්කා සහ ඉතෝෂු යන නහාතේ සහ ෂූරි තේ සම්ප්‍රදායන් දෙකෙහි විශිෂ්ඨතම ගුරුවරුන් අතින් පුහුණුව ලද කෙන්වා මාබුනිතුමා ජපානයේදී ෂිතෝ රියු නම් ශෛලිය තම ගුරුවරුන්ගේ නම්වල කොටස් ඇසුරින් නිර්මාණය කළේය."ෂි" අක්ෂරය හිගාෂි ඔන්කා සහ"තෝ" යන්න ඉතෝසු යන නමින් ගෙන සෑදූ මෙම ශෛලිය ජපන් මධ්‍යදේශයේ දී ෂූරි හා නහා තේ ශෛලීන් එක්කරනලදි. ජපානය තුළ ප්‍රධාන ශෛලීන් ලෙස ෂෝතෝකාන්,වා දෝ රියු,ෂිතෝ රියු,ගෝ ජු රියු, ශෛලීන් සැලකේ.මත්ස්‍යාසු ඔයාමා නිර්මාණය කළ කියොකුෂින් ශෛලිය ද අද ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. ඉහත සඳහන් කරාතේ ශෛලීන්,සම්ප්‍රදායන් පදනම්කරගෙන බොහෝ කරාතේ ශෛලීන් බිහිවී ඇත.කේන්ෂින්, බ්‍යකුරෙන්,බූඩෝකාන්,අෂිහරා වැනි කරාතේ ශෛලීන් උදාහරණ වේ. මේඅනුව කරාතේ ක්‍රීඩාවක් වශයෙන් අද ලෝකයේ බෙහෙවින් ජනප්‍රියවී ඇත.කවර ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී. එය දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.

දහමින් බිදක්. 0

Vdasun | 5:13 AM |

පෝය දවසේ ඔයාලටත් මටත් වැදගත් වෙන දහම් කරුනු ටිකක් තමයි කියන්න යන්නේ.
*"සීලය" කියන්නේ අපි හැමෝම දන්න දෙයක්.බුදුදහමේ හැටියට අපි හැමෝම සිල්වත් වෙන්න ඕනි.
සීලයේ ප්‍රධානම අංග තුන තමයි සිත කය වචනය සංවර කර ගැනීම.මිනිසා ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ
සිතේ ඇතිවන සිතිවිලි වලට අනුවයි.කෙනෙක්ගේ සිතේ ඇතිවෙන්නේ අයහපත් සිතිවිලි නම් ඒ පුද්ගලයා කරන්නේ අයහපත් වැඩ.කෙනෙක්ගේ සිතේ ඇතිවෙන්නේ යහපත් සිතිවිලි නම් ඒ පුද්ගලයා කරන්නේ යහපත් වැඩ.අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි සැපවත් ජීවිත ගත කිරීම.වර්තමාන සමාජයම නිර්මානය වෙලා තියෙන්නේ ඒක ඉටුකිරීමටයි.අපි ඉගෙන ගන්නෙත්,රැකියාවක් කරන්නෙත් ඒ සදහායි.සැපවත් ජීවිත ගතකරනවා කියන්නේ මිනිසා තවතවත් ආශාවන් ඇතිකරගන්නවා කියන එක.මිනිසා තුලින් තෘශ්ණාව දුරුකිරීම වෙනුවට තව තවත් වැඩි කිරීම.තෘශ්නාව හේතුවෙන් මිනිසාගේ සසර තවතවත් දිගු වෙනවා.

*කය සංවර කරගැනීමත් වැදගත්.මන්ද යත් අපි යහපත් හෝ අයහපත් හෝ ක්‍රියා කරනුයේ කයින් වන නිසා.මිනිසාගේ කය මෙහෙයවන්නේ සිතයි.ඒ අනුව සිත සංවර
කරගත්තොත් කයත් සංවර කරගැනීමට පුලුවන්.කය සංවර කරගන්නවා කියන්නේ අපි තුල අයහපත් සිතුවිලි ඇති උවත් එමගින් අකුසල් සිදුවීමට ඇති ඉඩකඩ අඩු වීමයි.

*"හොදට නරකට දෙකට කටමය".වචනයත් සංවර කරගතයුතුය. අද අපි බොහෝදෙනා වැඩි හරියක් කතා කරන්නේ තමන්ටත් අනුන්ටත් වැඩකට නැති වල්පල්.නිශ්ප්‍රයෝජන
වචන දාහකට වඩා ප්‍රයෝජනවත් එක වචනය වැදගත්.අසංවර වචනය නිසා අද සමාජයේ බොහෝ ගැටලු.අමනාපකම්,සතුරු කරදර,සිත් රිදවීම් මේ සියල්ලකටම
හේතුවන  අසංවර වචනය.වචනය සංවරකර ගැනීමෙන් වචනය තුලින් සිදුවිය හැකි අයහපත් දේ වලකිනවා.

*හැම වේලේම අපි තුල පවට ලැජ්ජාවක් හා භයක් තිබිය යුතුයි."අපායේ යනවා" යන්නෙන් උවත් සිදුකෙරෙනුයේ  පවට භය ඇතිකිරීමයි.මෙමගින් පව්කිරීමට පුද්ගලයා පෙලඹීම අඩු වෙනවා.පව් කිරීමට ලැජ්ජාවක් තිබීම වැදගත්.අපි පවට බියවනුයේ ඒ නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිපල නිසා.නමුත් පවට ලැජ්ජාවක් තිබීමෙන් සිදුවන්නේ පුද්ගලයා සිතින් වත් පව් කිරීමට පෙලඹෙන්නේ නැහැ.

*තවත් වැදගත් දෙයක් තමයි"අත්හැරීම". අද වෙන්නේ මේකේ අනිත් පැත්ත.අත්හැරීම වෙනුවට වැලද ගැනීම. මුලු සමාජයම හැඩ ගැසී තිබෙන්නේ ඒ සදහා.අපි මහන්සි වෙලා ඉගෙන ගන්නේ,හොද රැකියාවක් කරන්නේ ඒ සදහා.සමාජය විසින් මේ මේ යැයි නොයෙක් දේ පෙන්වන්නේ ඒවා වැලද ගැනීමට අපට සිදුකරවමිනී.හොද නිවසක්,කාර් එකක්,වෙනත් භාණ්ඩ,සමාජ සම්බන්දතා, අඹු සැමි දූ දරු සම්බන්දතා,මේ සියල්ල ලබාගැනීම තුලින් සතුටක්.සැපයක් ඇතිවෙනවා කියලා අපි රැවටිලා ඉන්නේ.මේ සියල්ලේම අවසානය දුකක්.
"ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්"කියලා බුදුදහමේ කියලා තියෙන්නේ ඒකයි.නිවැරදි සතුටක් ලබාගත හැක්කේ අත්හැරීම තුලින් පමනී.මන්දයත් අත්හැරිමට පුරුදුවීම තුලින් වෙන්වීමේ ඇති
වේදනාව වලක්වන හයිනී.තවද වැලදගැනීම තුලින් ඇතිවන තෘශ්ණාව අත්හැරීම තුලින් නැතිකරවනවා.තෘශ්ණාව නැතිවෙනවා කියන්නේ සසර කෙටිවෙනවා කියන එකයි.

*ආගම දහම පිලිඹද දැනුමක් අප තුල තිබිය යුතුයි.එමෙන්ම අනෙක් දෑ පිලිබදවත් මනා අවබෝදයක් තිබිය යුතුයි.වැදගත් කාරනය වනුයේ බුද්දිය ඇතිකරගත යුත්තේ සීලයට පසුවයි.
බුද්දිමත් වීම පමනක් උවහොත් මිනිසා අයහපත් ක්‍රියා සදහා තම බුද්දිය යොදාගත හැකියි.එය වැලැක්වීමට නම් බුද්දියට පෙර සිල්වත් කම තිබිය යුතුයි.එවිට මිනිසා තම බුද්දිය සීලය තුලින් මෙහෙයවනු ඇත.

*වැදගත්ම දෙය නම් අනිත්‍ය වටහා ගැනීමයි.මම මගේ කියලා කිසිම දෙයක් නෑ.මම මගේ කියලා දෙයක් තියෙනවානම් ලෝකයේ කිසිවක් වෙනස් නොවිය යුතුයි.නමුත් ලෝකයේ
තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා.මිනිස්සු,සම්බන්දතා,යාන වාහන,දෙමව්පියෝ,අඹු සැමි සම්භන්දතා,දූ දරු සම්බන්දතා මෙකී නොකී සියල්ලක්ම වෙනස් වෙනවා.
මිනිසුන් වශයෙන් අපිත් වෙනස් වෙනවා.උපන්දා සිට වෙහෙස වී ඉගෙන ගනිමින් දනය රැස්කරමින් සමාජ සම්බන්දතා ඇතිකරගනිමින්,දූදරුවන් අඹුසැමි සම්භන්දතා ඇතිකරගනිමින්,
යාන වාහන ගේ දොර ඉඩ කඩම් මේ කොච්චර දේ ඇතිකර ගත්තත් ඒ වෙනුවෙන් ජීවිත කාලය පුරාම කොච්චර මහන්සි උනත් අපිට මැරෙන්න වෙන්නේ ඒ මොකුත් නැතිව.අන්තිමේදී
අපිට ඉතුරු වන්නේ පව් පින් විතරයි.මේ මිනිස් ශරීරයත් වෙනස් වෙනවා.රූපලාවන්‍ය ආදී විවිද ක්‍රම මගින් මේ ශරීරය කොපමන සුන්දර කිරීමට උත්සාහ කලත් කල් යත්ම මේ ශරීරය
වෙනස් වෙනවා.මිනිහෙක් ඉපදෙන අවස්තාව හා මියයන අවස්තාවේ ශරීරය සහමුලින්ම වෙනස්.මොනදේ කරලා උනත් මේ ශරීරය පවත්වා ගැනීමට උත්සාහ කලත් මියයාමෙන් පසු මේ
ශරීරයෙන් කිසිදු ප්‍රයෝජනයක් නෑ.ගහක අත්තක් උනත් දිරායාමෙන් පසු දැව සදහා ගන්න පුලුවන්.අඩුම තරමේ  පුටුවක කකුලකට උනත් ගන්න පුලුවනනේත් මේ ශරීරයෙන් එහෙමවත්
ප්‍රයෝජනයක් නෑ.ඒ අනිත්ය පිලිබද වටහාගෙන බුද්දිමත්ව කටයුතු කිරීම තුලින් යහපත් සාර්තක ජීවිතයක් ගතකිරීමට පුලුවන්.
--------------------------------------------------------------------------------------------
*වැදගත්-මේ දේ මම කියන්නේ මගේ අත්දැකීමෙන්.ඒ දේවල් හරි හැටි වටහා ගත්ත හින්දා මට ජීවිතේ වැරදෙන්න ගිය තැනකින් බේරුනා.
කවදාවත් දෙමව්පියන්ගේ කීමකට පිටින් යන්න එපා.අනිවාර්යෙන්ම ජීවිතේ වරදිනවා.කවදාවත් තමන්ට උගන්වන ගුරුවරයෙක් ට බණින්න එපා.අනිවාර්යෙන්ම තමන්ගේ ඉගෙනීම
බිදවැටෙනවා.කවදාවත් ඉගෙනෙ ගන්න බැරි කෙනෙක්ට ඇණුම්පද කියන්න එපා.අනිවාර්යෙන්ම තමන්ගේ ඉගෙනීම බිදවැටෙනවා.කවදාවත් බුදුදහමට,හාමුදුරුවරුන්ට බණින්න එපා.
අනිවාර්යෙන්ම පලදෙනවා.

ASUS Motherboard එකක BIOS(basic input/output system) update කරමු ලේසියෙන්ම 0

Vdasun | 10:29 PM |

අපි කවුරුත් කැමතියි නේද හොද මව්පුවරුවක් තියෙනවනම්.ASUS,INTEL,FO‍‍XCONN වගේ.අලුතෙන් මව්පුවරුවක් දැම්මත් කාලයක් යනකොට පොඩි පොඩි අවුල් මතුවෙනවා.එහෙම වෙන්න හේතුවක් තමයි BIOS(basic input/output system) පිලිබදව ගැටලු ඇතිවීම. එතකොට ඉතින් BIOS Update කරන්න වෙනවා.ඒ ගැන දන්න කෙනෙක්ටනම් ගැටලුවක් නැතුව කරගන්න පුලුවනන්. ඒත් නොදන්න කෙනෙක්ටනම් අනිවාර්යෙන්ම කාගෙන්හරි උදව් ගන්න වෙනවා.මගේ යාලුවෙක්ගේ මැශීන් එකක් තියෙනවා ඒකෙ මදර්බෝඩ් එක Biostar. bios update කරගන්න දහදුක් වින්දත් කරගන්න පුලුවන් උනේ නෑ.අන්තිමේදී මැශීන් එකත් ඉවරයි.එහෙම දුක් විදින්න ඕනි නෑ නේද?

මමනම් කැපුවත් ASUS තමයි.මොකද කියනවානම් ASUS මව්පුවරුවක් තියෙනවානම් ලේසියෙන්ම   BIOS Update කරගන්න පුලුවන්.බයෝස් අවුල් වගේ දැනෙනවානම් මැශීන් එක ක්‍රියාත්මක වෙලා තියෙද්දී උනත් BIOS Update කරගන්න පුලුවන් ලේසියෙන්ම.ඒකට මෙච්චරයි කරන්න තියෙන්නේ.මේ සොෆ්ට්වෙයාර් එක බාගත කරගන්න.

Download කිරීමට මෙතන ක්ලික් කරන්න.
මේක install කරගෙන open කරගන්න.











update bios from internet option එක තෝරලා next කලොත්  internet මගින් bios update වේවි.

ඒ ඇරෙන්නට තවත් විදියක් තියෙනවා.ඒ තමයි bios download කරලා එමගින් update කිරීම.ඒ සදහා Asus website එකට යා යුතු වෙනවා.මෙතන ක්ලික් කරන්න.


ඔතනින් motherboard serial number,modle එක හරි තෝරලා start කරන්න.



ඔයාලට ඕනි දෙයක් ඔතනින් download කරගන්න පුලුවන්. අපිට ඕනි bios නේ.bios download කරලා ඉවරවෙලා අපි ඉස්සේල්ලාම download කරගත්තු Asus update එක open කරගන්න.




update bios from file option එක තෝරලා next කරන්න.ඊලගට bios file එක තෝරලා next කරන්න.ඊලගට Logo එකක් තෝරන්න එයි.එතනට ඔයාලා කැමති logo එකක් තෝරන්න. ආයෙත් next කරන්න. එතකොට bios update වේවී.මතක ඇතුව bios update වෙන අතරතුර මැශීන් එක shutdown කරන්න එපා.update වෙලා ඉවර උනාහම මැශීන් එක restart කරන්න.

මේ මගේ LOGO ටික


Related Posts Plugin for WordPress, Blogger...