Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

ASUS Motherboard එකක BIOS(basic input/output system) update කරමු ලේසියෙන්ම 0

Vdasun | 10:29 PM |

අපි කවුරුත් කැමතියි නේද හොද මව්පුවරුවක් තියෙනවනම්.ASUS,INTEL,FO‍‍XCONN වගේ.අලුතෙන් මව්පුවරුවක් දැම්මත් කාලයක් යනකොට පොඩි පොඩි අවුල් මතුවෙනවා.එහෙම වෙන්න හේතුවක් තමයි BIOS(basic input/output system) පිලිබදව ගැටලු ඇතිවීම. එතකොට ඉතින් BIOS Update කරන්න වෙනවා.ඒ ගැන දන්න කෙනෙක්ටනම් ගැටලුවක් නැතුව කරගන්න පුලුවනන්. ඒත් නොදන්න කෙනෙක්ටනම් අනිවාර්යෙන්ම කාගෙන්හරි උදව් ගන්න වෙනවා.මගේ යාලුවෙක්ගේ මැශීන් එකක් තියෙනවා ඒකෙ මදර්බෝඩ් එක Biostar. bios update කරගන්න දහදුක් වින්දත් කරගන්න පුලුවන් උනේ නෑ.අන්තිමේදී මැශීන් එකත් ඉවරයි.එහෙම දුක් විදින්න ඕනි නෑ නේද?

මමනම් කැපුවත් ASUS තමයි.මොකද කියනවානම් ASUS මව්පුවරුවක් තියෙනවානම් ලේසියෙන්ම   BIOS Update කරගන්න පුලුවන්.බයෝස් අවුල් වගේ දැනෙනවානම් මැශීන් එක ක්‍රියාත්මක වෙලා තියෙද්දී උනත් BIOS Update කරගන්න පුලුවන් ලේසියෙන්ම.ඒකට මෙච්චරයි කරන්න තියෙන්නේ.මේ සොෆ්ට්වෙයාර් එක බාගත කරගන්න.

Download කිරීමට මෙතන ක්ලික් කරන්න.
මේක install කරගෙන open කරගන්න.











update bios from internet option එක තෝරලා next කලොත්  internet මගින් bios update වේවි.

ඒ ඇරෙන්නට තවත් විදියක් තියෙනවා.ඒ තමයි bios download කරලා එමගින් update කිරීම.ඒ සදහා Asus website එකට යා යුතු වෙනවා.මෙතන ක්ලික් කරන්න.


ඔතනින් motherboard serial number,modle එක හරි තෝරලා start කරන්න.



ඔයාලට ඕනි දෙයක් ඔතනින් download කරගන්න පුලුවන්. අපිට ඕනි bios නේ.bios download කරලා ඉවරවෙලා අපි ඉස්සේල්ලාම download කරගත්තු Asus update එක open කරගන්න.




update bios from file option එක තෝරලා next කරන්න.ඊලගට bios file එක තෝරලා next කරන්න.ඊලගට Logo එකක් තෝරන්න එයි.එතනට ඔයාලා කැමති logo එකක් තෝරන්න. ආයෙත් next කරන්න. එතකොට bios update වේවී.මතක ඇතුව bios update වෙන අතරතුර මැශීන් එක shutdown කරන්න එපා.update වෙලා ඉවර උනාහම මැශීන් එක restart කරන්න.

මේ මගේ LOGO ටික

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...