Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn C++_ 5 කොටස 0

Vdasun | 7:28 AM |

C++ වල  Data types යෙදීම.

අද අපි බලමු "string" හා "char" කියන data types යොදන්නේ කොහොමද කියලා.

අපි මුලින්ම බලමු "string" කියන data type එක යොදන්නේ කොහොමද කියලා.අපි මේ data type එක භාවිතා කරන්නේ අකුරු කිහිපයක් variable එකකට save කරගන්න.

මේ code එක ඔය විදියටම type කරගන්න.අපි මේකේදී කරන්නේ user ට input කරන්න කියනවා එයාගේ නම.ඊලගට program එකෙන් user input කරපු නම display කරනවා.

#include<iostream>
#include<string>
int main()
{
    string n;

    cout<<"Enter your name:"<<endl;
    cin>>n;

    cout<<"Your name is "<<n<<endl;

}

දැන් අපි බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.අපි මේකේදී මුලින්ම library file ඇතුලත් කරගෙන තියෙනවා.<iostream> කියන library එකට අමතරව <string> කියන library එකත් ඇතුලත් කරගෙන තියෙනවා.මොකද කියනවනම්  අපි මේකේදී "string" කියන data type එක භාවිතා කරනවා.<string> කියන library එක ඇතුලත් කරන්නේ නැතුව "string" කියන data type එක භාවිතා කරන්න බෑ."string" කියන data type එක භාවිතා කරන්න ඕනි නම් <string> කියන library එක ඇතුලත් කරගන්නම ඕනි.

අපි අරන් තියෙනවා n කියලා variable එකක්.ඒකේ data type එක විදියට string දාලා තියෙනවා.ඊලගට අපි user ට input කරන්න කියනවා එයාගේ නම.ඒ නම n කියන variable එකට save කරගන්නවා.නමකට අනිවාර්යෙන්ම එක අකුරකට වඩා තියෙනවා නේ.ඒ නිසා n වල data type එක string විදියට දාලා තියෙනවා.
අන්තිමේදී n වලට save කරගත්තු name එක පෙන්නනවා.

අපි user ට කියන්න ඕනි එයාගේ නම enter කරන්න කියලා.ඒකට අපි මෙහෙම cout එකක් දානවා.

         cout<<"Enter your name "<<endl;

ඊලගට user input කරන name එක n කියන variable එකට save කරගන්නවා.ඒක වෙන්නේ මේ විදියට.

         cin>>n;
         ඔය cin කියන එකෙන් කරන්නේ save කරන්න කියන command එක ලබාදෙන එක.
         ">>" මේ operator වලට ඉස්සරහින් n දාලා තියෙන එකෙන් වෙන්නේ n කියන එකට save කරගන්න
         කියන එක.
       
අන්තිමේදී user input කරපු නම පෙන්නනවා මෙහෙම.
        
         cout<<"Your name is "<<n<<endl;

         Your name is කියන එක මුලින්ම display වෙනවා.ඊලගට n කියන එකට save කරගත්තු දේ
         පෙන්නනවා.මතක ඇතුව n කියන එක දාන්න ඕනි කොමා(" ") නැතුව.මොකද කියනවනම් අපිට
         පෙන්නන්න ඕනි n කියන අකුර නෙවෙයි. n කියන එකට save කරගත්ත දේ.
         අපි n කොමා ("  ") ඇතුලේ දැම්මොත් n කියන අකුර display වෙයි.

code එක read කරන්නේ උඩ ඉදන් පහලට. අපි මුලින්ම library ඇතුලත් කරගෙන තියෙනවා.<string> කියන library එකත්  ඇතුලත් කරගෙන තියෙන නිසා string කියන data type එකත් භාවිතා කරන්න පුලුවනී. ඊලගට n කියලා variable එකක් අරන් තියෙනවා.n වල data type එක string නිසා එක අකුරකට වඩා n වලට save කරගන්න පුලුවන් කියලා දැනගන්නවා.ඊලගට user input කරනවා එයාගේ නම.ඒ නම n වලට save කරගන්නවා.අන්තිමේදී n වලට save කරගත්තු දේ පෙන්නනවා.

---------------------------------------------------------------------------------------------------------------------------------------

ඊලගට අපි බලමු "char" කියන data type එක යොදන්නේ කොහොමද කියලා.අපි මේ data type එක භාවිතා කරන්නේ එක අකුරක් විතරක් variable එකකට save කරගන්න. අපිට මේකේදීත් කලින් කරපු වැඩසටහනම යොදාගන්න පුලුවන්.මේ code එක ඔය විදියටම type කරගන්න.මතක ඇතුව n වල data type එක "char" විදියට මාරු කරන්න.


#include<iostream>
int main()
{
    char n;

    cout<<"Enter your name:"<<endl;
    cin>>n;

    cout<<"Your name is "<<n<<endl;

}

දැන් අපි බලමු කොහොමද code එක run වෙන්නේ කියලා.අපි මේකේදී මුලින්ම library file ඇතුලත් කරගෙන තියෙනවා. <iostream> කියන library එකට අමතරව වෙනත් library ඇතුලත් කරගන්න ඕනි නෑ.මොකද කියනවනම්  "char" කියන data type එක භාවිතා කරන්න string වලට වගේ library  ඇතුලත් කරන්න ඕනි නෑ.


අපි අරන් තියෙනවා n කියලා variable එකක්.ඒකේ data type එක විදියට char දාලා තියෙනවා.ඒ නිසා n වලට save කරගන්න පුලුවන් වෙන්නේ එක අකුරක් විතරයි. ඊලගට අපි user ට input කරන්න කියනවා එයාගේ නම.ඒ නම n කියන variable එකට save කරගන්නවා.නමකට අනිවාර්යෙන්ම එක අකුරකට වඩා තියෙනවා නේ.ඒත්  n වල data type එක  විදියට  char දාලා තියෙනවා.ඒ නිසා n වලට save වෙන්නේ user input කරන නමේ  මුල්ම අකුර විතරයි.අන්තිමේදී n වලට save කරගත්තු ඒ අකුර පෙන්නනවා.

අපි user ට කියන්න ඕනි එයාගේ නම enter කරන්න කියලා.ඒකට අපි මෙහෙම cout එකක් දානවා.

         cout<<"Enter your name "<<endl;

ඊලගට user input කරන name එක n කියන variable එකට save කරගන්නවා.ඒක වෙන්නේ මේ විදියට.

         cin>>n;
         ඔය cin කියන එකෙන් කරන්නේ save කරන්න කියන command එක ලබාදෙන එක.
         ">>" මේ operator වලට ඉස්සරහින් n දාලා තියෙන එකෙන් වෙන්නේ n කියන එකට save කරගන්න
         කියන එක.

අන්තිමේදී user input කරපු නම පෙන්නනවා මෙහෙම.
        
         cout<<"Your name is "<<n<<endl;

         Your name is කියන එක මුලින්ම display වෙනවා.ඊලගට n කියන එකට save කරගත්තු දේ
         පෙන්නනවා.මතක ඇතුව n කියන එක දාන්න ඕනි කොමා("  ") නැතුව.මොකද කියනවනම් අපිට
         පෙන්නන්න ඕනි n කියන අකුර නෙවෙයි.n කියන එකට save කරගත්ත දේ.අපි n කොමා (" ") ඇතුලේ
         දැම්මොත් n කියන අකුර display වෙයි.

code එක read කරන්නේ උඩ ඉදන් පහලට. අපි මුලින්ම library ඇතුලත් කරගෙන තියෙනවා. ඊලගට n කියලා variable එකක් අරන් තියෙනවා.n වල data type එක char නිසා එක අකුරකට වඩා n වලට save කරගන්න බෑ කියලා දැනගන්නවා.ඊලගට user input කරනවා එයාගේ නම.ඒ නමේ මුල් අකුර විතරක් n වලට save කරගන්නවා.අන්තිමේදී n වලට save කරගත්තු දේ පෙන්නනවා.


අපි තවත් code එකක් run කරලා බලමු.මේකත් මේ විදියටම ටයිප් කරගන්න.


#include<iostream>
int main()
{
    char x='A';
   
    cout<<"x is equal to "<<x<<endl;
}

අපි බලමු code එක කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා.මේකේදී x කියලා variable එකක් අරන් තියෙනවා.x වල data type එක විදියට char යොදලා තියෙනවා.
ඒ කියන්නේ x වලට save කරගන්න පුලුවන් එක අකුරක් විතරයි.ඊලගට ‍x සමාන කරලා තියෙනවා A කියන අකුරට.A කියන්නේ එක අකුරක්. ඒ නිසා A කියන එක x වලට save කරගන්න පුලුවන්.

C++ වලදී එක අකුරක් යොදාගන්නවානම් අනිවාර්යෙන්ම කොමා ('  ') ඇතුලේ තමයි දාන්න ඕනි.

                         නිදසුන් - 'a';
                                        'b';
                                        'c';
අන්තිමේදී ‍x වලට save කරගත්තු අකුර (A) පෙන්නනවා.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...