Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Learn Java 2 0

Vdasun | 7:56 AM |

Programming with java




java වලින් වැඩකරන්න කලින් ජාවා install කරගන්න ඕනි.ඒකට මේ ලින්ක් එකට යන්න.පාවිච්චි කරන OS එකේ හැටියට ඩවුන්ලෝඩ් කරගන්න.

http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

ජාවා install කරාට පස්සේ path එක සෙට් කරන්න ඕනි. නැතිනම් ජාවා වැඩ කරන්නේ නෑ.ඒක කරන්නේ මෙහෙමයි.

ඉස්සරවෙලාම මේ විදියට ජාවා program files වල තියෙන bin කියන folder එකේ address එක කොපි කරගන්න.
C:\Program Files\Java\jdk1.7.0_05(ඔයාගේ ජාවා version එක)\bin

ඊලගට මේ විදියට යන්න.
My Computer-->Properties-->Advanced System Settings-->Advanced-->Environment Variables

ඊලගට  Environment variables වල System variables යටතේ  Path කියන එක තෝරලා double click කරන්න.
දැන් අලුතින් ආපු  dialog box එකේ Variable value කියන තැන තියෙන address එකේ අගට ";" type කරලා අපි copy කරගත්තු bin folder එකේ address එක paste කරලා Ok ක්ලික් කරන්න.


දැන් java වැඩකරනවාද කියලා බලන්න ඕනි.ඒක කරන්නේ මෙහෙමයි.Command Prompt එක අරන් javac කියලා type කරලා enter කරන්න. එතකොට මේ වගේ වචන ගොඩක් display වෙනවනම් වැඩේ හරි.

Usage:javac <option><source files>
where possible options include:
   -g                              Generate all debugging info
   -g:none                         Generate no debugging info
   -g:{lines,vars,source}          Generate only some debugging info
   -nowarn                         Generate no warnings
   -verbose                        Output messages about what the compiler is doing
   -deprecation                    output source  locaion where depricated API s are used


___________________________________________________________________________________
දැන් පොඩි  වැඩසටහනක් ලියලා බලමු.මේ program එකෙන් වෙන්නේ "Hello World" කියන වචනය display කරන එක.
මේක ගොඩාක් පොඩි වැඩසටහනක්.java වලින් ගොඩාක් ලොකු වැඩසටහන් කරන්න පුලුවන්.java කියන්නේ 100%  "Object Oriented" විදියට හදපු programming language එකක්.

public class myProgram{

public static void main(String args[]){
      
    System.out.println("Hello World");
    }
}
____________________________________________________________________________________
මේ code එක java file එකක් විදියට save කරගන්න.
myProgram.java මේ විදියට  save කරගන්න.මතක ඇතුව ".java" කියන එක අගට දෙන්න.

දැන් cmd එක අරන් file එක save කරපු තැනට යන්න.

Eg:

 cd desktop
 javac myProgram.java
 java myProgram

   ලේසිම විදිය තමයි desktop එකේ save කරගන්න එක.

ඊලගට කරන්න තියෙන්නේ අපේ java file එක compile කරගන්න එක.ඒක කරන්නේ මෙහෙමයි.

 cmd එකේ මේ විදියට type කරන්න.

 javac myProgram.java

   දැන් enter කරන්න.වැඩසටහනේ මොකුත් errors නැතිනම් compile වේවි.

ඊලගට compile වුනු java file එක run  කරන්න.ඒක කරන්නේ මෙහෙමයි.

 cmd එකේ මේ විදියට type කරන්න.

 java myProgram

   දැන් enter කරන්න.

program එක run වෙනකොට Hello World කියලා display වෙයි.

____________________________________________________________________________________
දැන් බලමු program එක කොහොමද වැඩ කරන්නේ කියලා.

myProgram කියලා දීලා තියෙන්නේ class එකේ නම.java වලදී අපි classes හදා ගන්නවා.program එක save කරන්නත් ඕනි class එකේ  නමින්ම තමයි.

public static void main(String args[]) මෙතන args[] කියන්නේ array එකක්. String කියන්නේ array එකේ data type එක. args කියන්නේ Array එකේ නම.

Open brackets,close brackets  { } මේවා ඇතුලේ තමයි program එකේ වෙන්න ඕනි දේවල් ලියන්නේ.

System.out.println("Hello World");  මේකේදී කියන්නේ  Hello World කියන එක display කරන්න කියලා.
"println" කියන එකෙන් වෙන්නේ Hello World කියන එක display කරාට පස්සේ new line එකකට cursor එක ගෙනියන්න කියලා.
හැම statement එකක් ම ";" වලින් ඉවර වෙන්න ඕනි.නැත්නම් syntax error පෙන්නනවා.





0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...